"අපිට ඇමතිකම් එපා, ලක්ෂ දෙකක මාසික දීමනාවත් එපා" ඒකාබද්ධයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම රට වෙනුවෙන් පරිත්‍යාගයක් කළ හැටි!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සිය නව ‍රජයේ කැබිනට් මණ්ඩලය පත් කරමින් සිටියි. මේ දක්වා එම රජයේ අමාත්‍යධූරයන් සඳහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ කිසිවෙකුට අමාත්‍යධූර හිමි නොවීම විශේෂත්වයකි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන්
ඉවත් වූ දිනයේ පටන් වසර තුනක් තනතුරු සහ වරප්‍රසාද අත් හැර හිටපු ජනපතිවරයා ආරක්ෂා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කළ එම මන්ත්‍රී කණ්ඩායමට අමාත්‍යධූර හිමි නොවීම සමාජයේ දැඩි කතාබහට ලක්විය.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්චන විජේසේකර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුනි. එහි සඳහන් වූයේ මේ තීරණාත්මක අවස්තාවේ අමාත්‍යධූර සහ තනතුරු ප්‍රතික්ෂේප කරමින් නව රජයට සහය දීමට පැමිණෙන මන්ත්‍රීවරුන් වෙනුවෙන් එම අමාත්‍යධූර වෙන් කිරීමට සිය කණ්ඩායම තීරණය කළ බවයි.

මීට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන්ට පසුගිය වසර තුන තුල ලැබුණු අධීක්ෂණ මන්ත්‍රී ලක්ෂ 2 ක් වූ මාසික දීමනාවද ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ බව සදහන් කරමින් කාන්චන විජේසේකර මන්ත්‍රීවරයා තැබූ සංවේදි සටහන පහතින්,

මේ වන විට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නව කැබිනට් මණ්ඩලය පත් කරමින් සිටී. අපිට පක්ෂ සහ අවන්කවම් සහය දුන්න ආදරය කරන ඔබ බොහෝ දෙනෙක් අපෙන් අසන ප්‍රශ්න කිහිපයකි.

1. ඔබතුමාටත් තනතුරක් ලැබෙනවාද ? 
2. එය මොකක්ද ? 
3. ලැබෙන්නේ නැත්තේ ඇයි ? 
4. ඇයි ඉල්ලන්නේ නැත්තේ?

පළමුව වසර 4 ක් පුරා මේ සටන මම පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ 50 කට වැඩි පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් කල අරගලයක්ය. දෙවනුව මාතර දිසාවේ එය චන්දයෙන් පත්වූ ඩලස්, මහින්ද යාපා, ගජධීර, නිරෝෂන් අප සියලු දෙනා එකට කල කටයුත්තක්ය. මෙම කණ්ඩායමම කැබිනට් මණ්ඩලයට සුදුසු කැපවීම් කර ඇත. තනතරු නම් අවශ්‍යතාවය වුයේ අප සියලු දෙනාටම MY3 - රනිල් හවුලට එකතු වී එය කල හැකිව තිබුණි. එදා එකතු වූ සියල්ල තනතුරු ලැබුවන්ය. නමුත් තනතරු නොව අපි ප්‍රතිපත්තියක වැඩ කලේය. එහි ප්‍රතිපලය මත ආණ්ඩු බලය පිහිටුවත් තවමත් අපි බලාපොරොත්තු වන අපගේ ආණ්ඩුවක් පිහිටුවා නැත. රට මේ මොහොතේ ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නම් පරිත්‍යාග කල යුතුය. ආණ්ඩුවට එකතුවන රට ගොඩ නගන පිරිසට එය ලබා දිය යුතුව ඇත. ඒකාබද්ධ සමස්ත 54 පිලම එම මතයේ සිටියත් නව අගමැති මහින්ද මහතා කැබිනට් මණ්ඩලය තුල තනි කලද නොහැක. සුළු පිරිසකට අපි එය භාරගන්නා ලෙස ඒකමතිකව යෝජනාද කර ඇත. ඊළඟ ජාතික මැතිවරණයෙන් පසු නිසි තැන ඔබ විසින් සහ නායකත්වය විසින් ලබා දෙනු ඇත. මේ මොහොතේ තනතුරු නොව දායකත්වය වැදගත්ය.
තවද ආණ්ඩු පක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන්ට පසුගිය වසර තුන තුල ලැබුණු අධීක්ෂණ මන්ත්‍රී ලක්ෂ 2 ක් වූ මාසික දීමනාවද අපි ප්‍රතික්ෂේප කර ඇත.


gossip lanka