ළමයින්ව ඉක්මනට මරන හැටි google වලින් හොයපු අම්මා සිය දරුවා මිලෙජ්ච අන්දමින් මරා දැමු හැටි ලොවම සලිත කරයි - Photos

ඇමරිකා එක්සත් ජනපදයේ ඇන්ඩ්රෝනියාවේ චැන්ඩ්ලර්හිදි 19 හැවිදිරි කාන්තාවක් සිය දරුවාව ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනා. ඇය සූක්ෂමව ඒ කටයුත්ත කළා වුණත් google වලට පින්සිද්ධ වෙන්න මේ කතන්දරේ මුල මැද හොයාගන්න පොලීසියට පුළුවන්කම ලැබුණා. ඇය විසින් ළඳරුවාව දියේ ගිල්වා මරණයට පත් කරන අතර සවස 3.30 පමණ වන විට දරුවාව
සොයා ගැනීමට පොලීසි නිලධාරින්ට හැකිවුණා.

ජෙනා ෆොල්වෙල්ගේ දුරකථනය පිරික්සීමේදි, ලැබුණු දේවල් අතරේ ඇය googleහි වැඩියෙන්ම හොයලා තියෙන්නේ කුඩා දරුවන්ව ක්ෂණිකව මරණයට පත් කරන ක්‍රම.

ඒ වගේම තමයි, ඊට අදාළ නඩු වාර්තා එහෙමත් ඇය තමන්ගේ දුරකථනයෙන් හොයලා තියනවා.

ළදරුවා දියේ ගිලීම සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ඇය ඒ ආශ්‍රයෙන් සොයාගෙන තිබෙනවා.

ඇයගෙන් මේ ගැන ප්‍රශ්න කරන වෙලාවෙත් ඇය නිදහසට කාරණා බොහෝමයක් කියනවා.

‘‘බබා අඬන එක නවත්තන්න මම බියර් දුන්නේ නෑ...‘‘

ඇය එහෙම කිව්වා වුණත් ඈ විසින් හිතා මතා තමන්ගෙම දරුවාව සැලසුම් සහතව ඝාතනය කළ බව පිළිගන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි පොලීසියට ඒ වෙනකොටත් ලැබිලා තිබුණා.