"මහින්ද ආයේ කවදාවත් අගමැති වෙන්නේ නෑ" බොරු කියා ජනතාව ඇන්ඳූ ඉන්දික තොටවත්තගේ පචයක් අතේ පත්තු වූ හැටි! (VIDEO)

මිත්‍යා මත වපුරමින් ජනතාව රවටා ව්‍යාපාර සිදු කරනා වංචාකරුවන් අප රටේ ඕනෑ තරම් සිටියි. ඇතැමෙක් සිය ව්‍යාපාර දියුණු කර ගෙන මුදල් ඉපැයීමට මෙලෙසින් ජනතාව රවටමින් සිටින අතර තවත් පිරිසක් සිය දේශපාලනික හාම්පුතුන්ගේ න්‍යායපත්‍ර අනුව මිත්‍යාවන්ගෙන් ජනතාව රවටමින් සිටිති. කුමන අරමුණකට මෙලෙසින් ජනතාව
රැවටූවද ඔවුන් සිදුකරන්නේ මහා වංචාවකි.

මේ අතර ජ්‍යෝතිශ්‍යවේදියෙක් යැයි කියාගන්නා ඉන්දික තොටවත්ත පසුගිය කාලයේ සිදු කළ ප්‍රකාශයක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්ව තිබේ. චන්ද්‍රිකා රූපවාහිනි නාළිකාවක සංවාදයකට එක්වන ඉන්දික තොටවත්ත නම් පුද්ගලයා එහිදි ප්‍රකාශ කරන්නේ නැවතත් කිසිම දිනෙක මහින්ද රාජපක්ෂ මහතා හෝ එම පවුලේ කිසිවෙක් අගමැති හෝ ජනපතිවරයා වී බලයට පැමිණෙන්නේ නැති බවයි.

කෙසේ වෙතත් එම අනාවැකියද පුස්සක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින (26) අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.

ඉන්දික තොටවත්ත දැක්වූ අදහස් පහතින්,

gossip lanka