මාලදිවයිනේ සේවය කරන ශ්රී ලාංකික තරුණයකු එරට කේක් නිර්මාණ තරඟයකදි රන් පදක්කමක් දිනාගැනීමට සමත් වී ඇත. ජි.එච්.ජි. එස්. විජිත කුමාර අලංකාර කේක් නිර්මාණ සැකසීමේ ප්රවිණයෙකි. මෙවර මාලදිවයිනේ පැවැති
Hotel Asia Exibition and International Culinary Challenge Maldives 2018 තරඟයට රටවල් ගණනාවක තරඟකරුවන් 100ක් පමණ සහභාගි වී ඇත. මෙම කේක් නිර්මාණ තරගයට විජිත කුමාර ඉදිරිපත් කර ඇත්තේ සිංහාසනයක කේක්
ආකෘතියකි. එහි රන් ආලේපිත සිහසුනක ආකාරයෙන් සකස් කර තිබු මෙම කේක් නිර්මාණය බොහෝ දෙනාගේ විශේෂ අවධානයට ලක්විය. සිංහාසනයට අමතරව පා රඳවනයක්ද කේක් ආකෘතියකින් නිර්මාණය කර තිබිණි. මෙම සුවිශේෂි නිර්මාණයට ඔහුට රන් පදක්කමක් හිමිවිය.
ලාංකිකයාගේ සිංහාසන කේක් නිර්මාණයට මාලදිවයිනේදී රන් පදක්කමක්
2018-10-29T02:29:00-07:00
Gossip Lanka Hot News
slide|