මහින්ද රාජපක්ෂ මහත්තය කවදා හරි අගමැති වෙනකම් කොන්ඩෙ කපන්නෙ නැහැ.. කියූ මේ තරුණය කොණ්ඩය කපා පිළිකා රෝහලට පරිත්‍යාග කරයි

මහින්ද රාජපක්ෂ මහත්තය 2015 පරාජය වූ දවසේ සිට කොණ්ඩය නොකපා කවදා හරි දවසක අගමැති උන දවසක කොන්ඩේ කපනවා කියා පොරොන්දු වූ මේ තරුණයා පසුගිය දිනක අවුරුදු තුනකට වැඩි කාලයක් වවපු කොණ්ඩය කපා පිළිකා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා.. සැබෑම මනුෂ්යෙක් කියා ඔහු ඔප්පු කර අවසානයි.. පහතින් බලන්න ඔහු ගැන
මිත්‍රයෙකු තැබූ අපුරු සටහනක්…

මචං,
රජෙක් තැනුදා
තමන්ගෙ ජිවිතෙට වඩා ආදරය කරපු කොන්ඩෙ කපල දැම්ම…
මම දන්නව ජිවිතෙ ගොඩක් දේවල් අත ඇරිය කොන්ඩෙ හින්දා…

අද තම යුතුකම ඉටුකරපු දවසෙ
පන වගේ ආදරය කරපු කොන්ඩෙ අත් ඇරිය
හෙට ඒක තවත් අදුරු ජිවිතෙකට එලියක් වෙයි.
ගොඩක් ආස කරයි
ආදරේ කරයි
මුදී…..

එදා නොකා නොබි වින්ද දුක අපි දන්නව
අද ඒ දේවල් වල ප්‍රතිඵල තියනව.
අද වෙන උන් ලොකු දේවල් කියයි
එත් ඇත්තටම දිනුවෙ
දුක්වින්ද උබලා වගේ අය
ඒ දිනුම ආයෙත් නැති කරන්න දෙන්න එපා…

රජුන් තැනූ
උබ වැනි මිනිසුන්
හෙට වන විට
රජුන්ටද ඔබව අමතක නොවේවා
මම ප්‍රාර්ථනා කරනවා….

මොකද බලය නිලය හමුවේ
මිනිසුන් අන්ද බව මම අහල තියනව
උබලා තැනූ රජුට එසේ නොවේවා…

දිනු දෙය රැකගන්න
හරි දෙය කරන්න
රටට වැඩක් කර ගෙදර එන්න
වැදු මවටත්
හැදුණු රටටත්
ණය නැති
පුතෙකු වෙන්න…
ජය හා සතුට……….
දුටුගැමුණු රජු ජිවය දුන්
වරදාන වරප්‍රසාද අත් හැරි වේලුසුමන කෙනෙක් වේවා……


gossip lanka