gossip lanka

ලිංගික සැප ‌හොයන්න ගිය ගූගල් ‌ලොක්කො 48ක් ‌දොට්ට…!

ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සේවකයින් 48දෙනෙකු ගූගල් සමාගම සේවයෙන් නෙරපා තිබෙනවා. ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් සමස්ථ සේවකයින්ටම විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ 2016 වසරේ සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී ලිංගික හිංසනයන් සම්බන්ධයෙන්
චෝදනා මත එසේ කළ බවය. ඒ අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් 13කුද සිටිනවා.

මෙලෙස සේවයෙන් නෙරපා දැමෙන තැනැත්තන් වැඩිදෙනෙකු දක්ෂ සේවකයින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් සිය ආයතන වඩා ආරක්ෂාකාරී ස්ථානයක් විය යුතු බැවින් මෙම පියවර ගත් බව ගූගල් සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.

gossip lanka