බිරිදගේ උපන්දිනයට ශාරුක් ඛාන් සෙල්ෆියක් ගෙන ඇයව පුදුම කළ හැටි - Photos

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන්ගේ 48වැනි උපන්දිනය අදට යෙදී තිබෙනවා. ෂාරුක් උදෑසන රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර මුලින්ම ඇයට සුබ පතා තිබෙනවා. අනතුරුව ආදරණිය බිරිද සමග සෙල්ෆියක් ගෙන තිබෙනවා මතක සටහනක් ලෙස තබා ගැනීමට.  එම ජායාරූපය  ඇය තම ටිවිටර් ගිණුමේ පල කර තිබෙනවා. ඔහුට ස්තුති කරමින්. ඒ වගේම ශාරුක් ඛාන් බිරිදට අමතක නොවන තෑග්ග දීලා කියලත්
විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ෂාරුක්ගේ බිරිඳ විලාසිතා නිර්මාණ ශිල්පිණියක්. ඔවුන්ගේ පුතණුවන් වන අබ්රාම් වසරක් තිස්සේ හැංඟිලා හිටියේ ෂාරුක් ඔහුව මාධ්‍යයට පෙන්වන්න අකැමැති වුණු නිසාමයි.

 කෙසේ වෙතත් ෂාරුක්ගේ චිත්‍රපට රස විඳින්න බලාගෙන ඉන්න අයට ඉතාමත් ඉක්මනින් ඔහුගේ අලුත් චිත්‍රපටිය දැක බලාගන්න පුළුවන් වෙයි. Aanand L Rai අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියේ නම Zero. දැනටමත් ලොව පුරා සිටින සියලුම දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්න් Zero ගැනයි. ආරංචි මාර්ග අනුව දෙසැම්බර් 21වැනිදා මේ චිත්‍රපටිය එළි දැක්වීමට නියමිතයිලු. ෂාරුක් ඇරුණුකොට, අනූෂ්කා ශර්මා හා කැත්රිනා කයිෆ් මෙහි රංගන දායකත්වය ලබා දෙනවා. විශේෂත්වය තමයි මේ සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුත්ත සිදු කරන්නෙත් ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන් විසින්. මේ චිත්‍රපටයට වැඩි දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ ෂාරුක් මෙහි නිරූපණය කරන ‘‘කුරු‘‘ එහෙම නැත්තම් උසින් අඩු චරිතයක් වීම නිසයි.