මත්කුඩු සමඟ ගණිකා නිවෙසක් වටලද්දී 'කුඩු පොඩ්ඩා' පොලිසියට ගසා මාංචු පිටින් පැනගිහින්

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම, කිරලගොල්ල ප්‍රදේශයේ ගංජා, මත්කුඩු ඇති හා ගණිකා නිවාසයක් මෙන්ම අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වන, සූදු ක්‍රීඩාවේ යොදවන නිවෙසක් වැටලීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරුවන්ගේ පහරදීමකට ලක්ව ගලේවෙල පොලිසියේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු  තුවාල ලබා තිබෙන බව සදහන්.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් එක් අයකු ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක්
පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ගලේවල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් බී.ජී. ක්‍රිශාන්ත (40552) හා ගාමිණී කුමාරසිංහ (58764) යන මහත්වරුන්.

තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල් ගාමිණී කුමාරසිංහ මහතා කියා සිටියේ, තමන් රාත්‍රි සේවා මුර සේවයේ යෙදී සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත තමන් ඇතුළු තවත් පොලිස් කණ්ඩායමක් යතුරුපැදිවලින් තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණයන් කණ්ඩායමක් කුඩු පානය කරමින් සිටින බවට ලැබුණු තොරතුරු අනුව වැටලීමට එක්වූ බවයි. එම ස්ථානයට යන විටත් තරුණයන් කණ්ඩායමක් මත්කුඩු පානය කරමින් සිටි බවද හෙතෙම සදහන් කරනවා. ඒත් සමඟම එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන මාංචු දමනවාත් සමඟ ඔහු විලාප තැබීමෙන් අවට සිටි 15ක් පමණ කණ්ඩායමක් පොලිස් නිලධාරීන් පස් දෙනාට පහර දී තිබෙනවා.

එම නිවෙසේ තිබූ හැළි වළංවලින්, පුටුවලින්, හිරමනෙන් හා පොලුවලින් ආදී විවිධ උපකරණවලින් පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස පහරදී තිබේන බවත් සදහන්. පහරදුන් ප්‍රධාන සැකකරු කුඩු පොඩ්ඩා නමින් හඳුන්වන පුද්ගලයා මාංචු දමා සිටියදී පොලිසියෙන් පැන ගිය බවත් පොලිසිය කියයි.

පුද්ගලයන් දෙදෙනකු එම අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිවෙස පොලිසිය සෝදිසියකට ලක් කිරීමේදී නිවෙසේ සෑම ස්ථානයකම හෙරොයින් මත්කුඩු පානය කළ බවට සලකුණු රැසක් හමුවී තිබීම, ගංජා පානය කළ හා පැකට් කරපු සුන්බුන් දැක ගැනීමට ලැබී තිබෙන බවත් සදහන්.  අසභ්‍ය වීඩියෝ දර්ශන සීඩී පට රැසක් හා උපත් පාලන කොපු රැසක් පොලිස් භාරයට ගෙන තිබෙන බවත් එමෙන්ම එම ස්ථානයේ තැන තැන සූදු ක්‍රීඩාවේ යෙදී ඇති ආකාරයද පොලිසියට නිරීක්ෂණය වී තිබේන බවත් වැඩිදුරටත් සදහන්.

ගලේවෙල කුඩු පොඩ්ඩා නමින් හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා කාලයක සිට මෙම ස්ථානයේ මත්කුඩු අලෙවිය කරමින් තිබේනවා. එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා දඹුල්ල පොලිසියට ගෙනැවිත් සිරමැදිරියේ තැබූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කරනවා.


gossip lanka