gossip lanka

"මුස්ලිම් පාසල් සිසුවියට ආසනය දුන් බෞද්ධ මෙහෙණින් වහන්සේ ඇයට උකුලෙ නිදියන්නත් ඉඩ දීලා" සහජීවනය ගැන ආදර්ශමත් කතාවක්! (PHOTOS)

ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වසර 2500ක ඉතිහාසයකින් යුත් සංස්කෘතියකින් හෙබි ශ්‍රී ලාංකික අපිට සහජීවනය යනු බටහිර ජාතීන් සහ රාජ්‍ය නොවන සංවිධාන අමුතුවෙන් ඉගැන්විය යුතු මාතෘකාවක් නොවේ. බහුතර සිංහල බෞද්ධ ජනතාව සමග විවිධ ආගම් අදහන සහ විවිධ භාෂා කතා කරන ජනතාව ජීවත් වන ශ්‍රී ලාංකික මහ පොළවේ ආගමික සහජීවනයට උදාහරණ ඕනෑ තරම් දැක ගත හැක.

එවන් සිදුවීමක් පිළිබදව තැබූ සංවේදි සටහනක්
ෆේස්බුක් වෙබ් අඩවියේ කතාබහට ලක්ව තිබේ. මොහෝමඩ් ෆහීම් නම් පුද්ගලයෙක් සිය ෆේස්බුක් ගිණුමේ එම සටහන තබා තිබුනි.

එම සටහන පහතින්

"මුස්ලිම් කාන්තා විදුහලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයේ අධික තදබදය නිසා බසයේ සිටගෙන ගමන් ගත්තාය. එවිට එම බස් රථයේ ගමන් ගත භික්ෂුණි නමක් එම සිසුවිය තම අසුනේ ඉඳ යෑමට ඉඩ සැලසුවාය. ස්වල්ප වේලාවකින් එම සිසුවිය අධික නිදිමතින් සිටිනු දුටු මෙම ආදර්ශමත් භික්ෂුණි තුමිය, එම සිසුවිය තම උකුල මත නිදා ගැනීමට ඉඩ සැලසුවාය. බසයේ සියළු දෙනාම මෙන්ම මෙම ආදර්ශමත් සිදුවීම මාද නිරීක්ෂණය කලේ මහඟු ගෞරවාන්ත හැඟීමකිනි."

gossip lanka