නිවසකදී පෙම් සුව විඳිද්දි සැමියාට අතේ මාට්ටු! මුහුණු පොතේ තරුණයාට වහ වැටුණු දෙදරු මව පොලීසියේදීම සැමියා අතහැර යන්න ගිය හැටි

අම්පාර ප්‍රදේශයේ පදිංචි 34 වියෑති දෙදරු මවක්‌ ගාල්ල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු සමඟ මුහුණු පොතෙන් මිත්‍ර වී ගලේවෙල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී පසුගිය 24 වැනි දින සැමියාගේ අතටම අසුවීමේ පුවතක්‌ ගලේවෙල පොලිසියෙන් වාර්තා වේ.

මෙම කාන්තාවට අවුරුදු 09 ක්‌ හා 06 ක්‌ වයසැති
දියණියක්‌ හා පුතෙකු සිටින බව වාර්තා වේ. සැමියා හමුදා සෙබළෙකි. හදිසියේ අතුරුදන්ව සිටි සිය බිරිඳ දින ගණනාවක්‌ තිස්‌සේ සොයා අවසානයේදී ගලේවෙල ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රැඳී සිටියදී සොයා ගැනීමට හැකිවී ඇත. ඒ අවස්‌ථාවේදී ඔහු බිරිඳගේ හා තරුණයාගේ ඡායාරූප කිහිපයක්‌ද ගෙන 119 දුරකථනයට ඇමතුමක්‌ දී ඇත. අනතුරුව පොලිස්‌ නිලධාරීන් පැමිණ ඔවුන් දෙදෙනා පොලිසියට රැගෙන ගොස්‌ ඇත.

එහිදී ගලේවෙල පොලිස්‌ ස්‌ථානයේ පාලන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතා ඔවුන්ට මෙසේ අවවාද කළේය. "තමුන් කුඩා දරු දෙදෙනකුගේ මවක්‌. මෙවැනි මෝඩ තීරණ නිසා දුක්‌විඳින්නේ පැත්තක සිටින අහිංසක දරුවන්. මෙවැනි තීරණ ගන්නා කාන්තාවන්ට අවසානයේ හිමි වන්නේ මහ පාරයි. අපි එවැනි සිද්ධීන් අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඒ නිසා අනුවණ තීරණ ගෙන පසුවට පසුතැවිලි වෙන්න එපා. බුද්ධිමත් තීරණයක්‌ ගන්න. (තරුණයාට) තමන්ද කරලා තියෙන්නේ බරපතළ වරදක්‌. ගැලපෙන තැනකින් විවාහයක්‌ නොකරගෙන අනුන්ගේ කුරුළු කූඩුවක්‌ කැඩීම බරපතළ පාපයක්‌. තමුන් මීට වඩා හිතුවා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුර යන්නේ නෑ" යෑයි පැවසීය.

 කෙසේ වෙතත් අවසානයේදී මේ කාන්තාව තම සැමියා සමග යැම ප්‍රතික්‍ෂේප කොට තරුණයා සමග ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කළාය. අනතුරුව අවශ්‍ය නම් අධිකරණයේ නඩුවක්‌ පවරා මේ ගැටලුව විසදා ගන්නා ලෙස පොලිස්‌ පරීක්‍ෂකවරයා කාන්තාවගේ සැමියාට උපදෙස්‌ දුන්නේය.

gossip lanka