ෆේස්බුක් තහනමක්! අන්තර්ජාලයටත් සීමා! රජය කරන්න යන දේ ගැන ඇමතිනියගෙන් එළියට!

ඇතැම් රටවල්වල ෆේස්බුක් සමාජ ජාලය තහනම් කර ඇති බවත් ඒ තුළට පිවිසීම සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බවත් කාන්තා සහ ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර පෙන්වා දෙනවා.

ඉදිරියේ එවැනි ක්‍රියාමාර්ගයක් මෙරට ද ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඇය අවධාරණය කර සිටියා.

අරලියගහ මන්දිරයේ ඊයේ උදෑසන පැවැති ලෝක ළමා දින
සැමරුම් ජාතික උත්සවය අමතමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ අන්තර්ජාලය හේතුවෙන් මෙරට දරුදැරියන්ට විවිධ කරදරවලට මුහුණ දීමට සිදුවන බවයි.

දරුදැරියන්ට මුහුණදීමට සිදුව ඇති මෙම තත්ත්වය යටතේ අන්තර්ජාලය පාලනය කිරීම පිළිබඳව විශේෂ වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තුවන බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

අවශ්‍ය දෑ පමණක් අන්තර්ජාලයෙන් ලබා ගැනීමට හා නැරඹීමට හැකිවන පරිදි මෙම වැඩපිළිවෙල සකසන බව පැවසූ අමාත්‍යවරිය අනාවරණය කළේ මේවන විටත් මේ පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම මෙම වැඩපිළිවෙල ලබන වසරේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ද ඇය ප්‍රකාශ කළා.