ලෝකෙන් වැඩිම මුදල අය කරන සුපිරි නිළිය ආගිය අතක් නැහැ, බදු වංචාවකටත් සම්බන්ධයි - Photos

ෆෑන් බින්ග්බින්ග් (fan bingbing) කියන්නේ චීනයේ ඉන්න ජනප්‍රියම වගේම ලෝකේ  වැඩිපුරම මුදලක් අය කරන නිලියක්. 37 හැවිරිදි ඇය හට බදු වංචා හා වෙනත් වැරදි සම්බන්ධයෙන් චීන යුආන් මිලියන අටසිය අසූ තුනක් දඩ වශයෙන් ගෙවීමට සිදුව තිබෙනවා කියලා විදෙස් මාධ්‍ය සදහන්.

මාස තුනක් පමණ කාලයක් ඇය ආගිය අතක් නැතිවීම එරට තුළ මහත් ආන්දෝලනයකට හේතු වී 
තිබෙනවා. චීනයේ ජනප්‍රියතම තරුවක් හා ලොව වැඩිම ගෙවීමක් ලබන නිළියක් වන ෆෑන් බින්ග්බින්ග් මෙම දඩ මුදල නොගෙව්වොත් ඇයට සිර දඬුවම් විඳීමට සිදු වෙනවා කියලා තමයි කියන්නේ. චීන කලාකරුවන් බදු වංචා කිරීම ගැන රජය කළ විමර්ශනයක මුලින්ම සිටියේ ෆෑන්ග්. මෙහිදී මෙම පිරිස තම ආදායම් වාර්තා දෙකක් සකස් කරවන අතර බදු ගෙවීමේදී ඉදිරිපත් කරන්නේ ව්‍යාජ වාර්තාවක් කියලත් ඔප්පු වෙලා තියෙනවා.

පසුගිය ජූලි පළමු වැනිදා ළමා රෝහලක උත්සවයකට පැමිණි අවස්ථාවෙන් පසු ඇය ආගිය අතක් නැති බව වාර්තා වෙනවා වගේම ඒ ගැන මුළු ලෝකයේම පුවත් මැවෙනවා කියලත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා. මිලියන හැට දෙකක අනුගාමිකයන් ඇයට සිටින ඇගේ බ්ලොග් අඩවියේද ජූලි මස විසිතුන්වැනිදායින් පසු ඇය කිසිදු සටහනක් තබා නැහැ. පසුගිය මැයි මාසයේදී ඇයට බදු වංචාවන් ගැන චෝදනා එල්ලවුණද ඇය එවැනි වරදක් කර නැති බවයි  ෆෑන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ප්‍රකාශකයා පෙන්වා දී තිබෙන්නේ.


gossip lanka