gossip lanka

බීමතින් නිවසට ආ සැමියා බිරිඳවයි, දරුවවයි පෙට්‍රල් දමා ගිනි තියා කල අපරාධය

ගොකරැල්ල නිරම්මුල්ල ගම්මානයේ පදංචි පවුලක බිමත් සැමියකු විසින් දියණියන් පාඩම් කරමින් සිටින විටදි කනෙන් ඇද ඔවුන්ගේ පාඩම් වැඩට බාධා කිරිම නිසා බිරිද විසින් සැමියාට බැණ වැදිමෙන් පසු උරණ වු සැමියා බිරිදට පෙට්‍රල් දමා ගිනිි තැබිමෙන් පසු බිරිද බරපතළ පිලිස්සුම් තුවාල සහිතව රොහල් ගත කළ පුවතක් ගොකරැල්ලෙන් වාර්තා වෙනවා.

ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් නිරමුල්ල ගම්මානයේ පදිංචි සැමියා විසින් බිමතින් පැමිණ
දැරියන් පාඩම් කරන වෙලාවේදි කනෙන් ඇද විවිධ හිරිහැර දැරියන්ට කිරිම නිසා ඊට බිරිද විරුද්ධ වි සැමියාට බැනවැදිමෙන් පසු දෙදෙනා අතර බහින් බස් විමක් ඇතිවි ඇති අතර පසුව සැමියා නිවසින් පිටවගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙලි වී තිබෙනවා.

පැය කහිපයකට පසු නගරයේ රට බිම අලෙවි සැලකින් නැවත වරක් මත්පැන් පානය කොට නිවසට පැමිණි සැමියා විසින් සිය බිරිද ඇදේ නිදාගෙන සිටියදි ඇගේ සිරුරට පෙට්ට්‍රල් වැනි යමක් වක්කර ගිනි තබා නිවසින් පලා ගොස් ඇති අතර කාමරය තුල බරපතළ ලෙස පිලිස්සෙමින් සිටි මව දරුවන් හා අසැල්වැසියන් විසින් බෙරා ගෙනවිත් ගොකරැල්ල දිසා රෝහලට ඇතළත් කිරිමෙන් පසු කුරුණැගල ශි‍ක්ෂණ රොහලට මාරු කර යවා ඇතැයි වාර්තා වෙනවා.

මව සමග නිවසේ කාමරයේ උපකරණ වලටද ගිනි අවිලි ඇති අතර අසල් වැසියන් හා දැරියන් තිදෙනා එක්වි මවට සිරුරට ජලය වක්කර ඇයගේ සිරුරේ ගින්න නිවා දැමිමට කටයුතු නොකලේ නම් මුලූ නිවසම ගිනිගෙන විනාශ වන්නට ඉඩ තිබු බව සිද්ධිය ඇසින් දුටුවන් පොලිසියට පවසා තිබෙනවා.

මෙලෙස බරපතළ පිලිස්සුම් තුවාල ලබා උන්මත්තකයෙකු ලෙස හැසිරෙන බවත් නිවැසියන් විසින් පොලිසියට ප්‍රකාශ කර අැතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු 24 දා කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියා.

gossip lanka