gossip lanka

ෆේස්බුක් සාදයේදී "අයිස්" ගැසූ තරුණ තරුණියන් 58කට හෝටලයේදී වෙච්ච වැඩේ

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය කරන ලද සාදයකින් අනතුරුව මත්ව සිටි තරුණ තරුණියන් 58 දෙනෙක් හපුතලේ විහාරගල ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කර සිටිනවා.

මෙම පිරිස ඊයේ (27) රාත්‍රියේදී හපුතලේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී මෙලෙස සාදය පවත්වා ඇති
අතර එහිදී "අයිස්" නම් මත්ද්‍රව්‍ය භාවිතා කොට තිබෙනවා.

හපුතලේ පොලිසියේ නිළධාරින් අද (28) දහවල් එම හෝටලය වටලා ඇති අතර ඒ වන විටත් එම තරුණ තරුණියන් පිරිස සිහිවිකල්වී මෙන් හෝටලය තුල සිට ඇති බවයි බදුල්ල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ වෙත ප්‍රකාශ කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර තරුණයින් 57 දෙනෙක් සහ තරුණියක් සිටින අතර ඔවුන් වයස අවුරුදු 18-30 අතර පසුවන බවයි පොලිසිය සදහන් කරන්නේ.

මෙම පිරිස කොළඹ, මීගමුව, ගම්පොළ, මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනා ගෙන ඇති බව හපුතෙල් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.


gossip lanka