මංගල ඇඳුමෙන් කෘතගුණ දැක්වූ බ්‍රිතාන්‍ය රජ කුමරියකගේ අසිරිමත් කතාව - Photos

බ්‍රිතාන්‍ය අනාගත රාජ්‍ය උරුම නාමාවලියේ 9 වෙනි ස්ථානයට හිමිකම් කියන යුජිනි කුමරිය, ජැක් බෘක්බෑන්ක් සමඟ වූ විවාහය, වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදී රාජකීය අමුත්තන්ගේ හා විශේෂ ආරධිතයින්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණා.

යුජිනි කුමරිය, දෙවන එලිසබෙත් මහා රැජිනගේ තෙවන පුත් ඇන්ඩෘ කුමරුගේ හා සාරා කුමරියගේ දියණියයි. ඇය 28 හැවිරිදි වන අතර ඇගේ අත ගත්
ජාක් බෘක්බෑන්ක් 32 වැනි වියට පා තබා සිටිනවා.

යුජිනි කුමරිය ඊයේ දින ඇයගේ විවාහයේදී හැද සිටි ඇඳුමේ පිටුපස යම් තරමක් දුරට ගැඹුරට පෙනෙන ලෙස නිර්මාණය කරන ලෙස එම ඇදුම නිර්මණය කළ පීටර් හා ක්‍රිස්ටෝපර් යන රාජකීය ඇදුම් නිර්මාණකරුවන්ට උපදෙස් ලබා දී තිබුණා.

එසේ තමන්ගේ පිට ප්‍රදේශය රාජකීය විවාහ මංගලයේදී වුවද පෙනෙන ලෙස නිර්මාණය කරන ලෙස උපදෙස් දීමට හේතුව වී ඇත්තේ, යුජිනි කුමරිය 12 හැවිරිදි වියේදී ස්කොලියෝසිස් රෝගයෙන් පෙලීම නිසා, කොදු ඇට පෙළ ආශ්‍රිතව සිදුකල ශල්‍යකර්මයේදී පිටේ ඇති වූ කැළැල් පෙනෙන ලෙසයි.

ඇගේ වයස අවුරුදු 12 දී සිදුකර තිබු ශල්‍යකර්මයේ ඇති වූ කැළැල් තම ඇදුමින් හෝ වෙනත් අයුරිකින් ආවරණය කිරීමට කුමරියට උවමනාවක් නොවූවා සේම එම කැළැල් පෙනෙන ලෙස දැක්වීමෙන් අදහස් කලේ ස්කොලියෝසිස් රෝගයට ලක් වී පීඩා විදින රෝගීන්ව සිහිපත් කිරීමටත් කුමරියට ශල්‍යකර්මය සිදුකල වෙද්‍යවරුන්ට හා අනිකුත් කාර්යය මණ්ඩලයටත් කුමරිය රැක බලා ගත් සැමවත් සිහිපත් කිරීමත් බව ඇය සඳහන් කරනවා.

"මම අවුරුදු 12 දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ මට උදව් කරපු සියලු දෙනාට කළගුණ සැලකීමක් ලෙසයි මම මේ ඇඳුම නිර්මාණය කළේ" ඇය කියනවා.

මෙම රාජකීය විවාහ උළෙලට කුමරියට ශල්‍යකර්මය සිදුකල වෙද්‍යවරුන්ටත් අරාධනා කර තිබු අතර එහි සමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍ය ජැන් ලොහොවිස්කි සඳහන් කර සිටියේ කුමරියගේ ශල්‍යකර්මය ඉතා අසීරු සංකීර්ණ එකක් වූ බවත් ඒ සඳහා පැය අටක කාලයක් ගත වූ බවත් ඔහු කියනවා.

ඊට අමතරව රාජකීය විකලාංග රෝහලේ භාරයේ සාමාජිකයින්ටත්, බ්‍රිතාන්‍ය මෙවර GOT TALENT තරගාවලියට සහභාගී වූ ස්කොලියෝසිස් රෝගී 16 හැවිරිදි ජුලියා කාලයිල්ටද යුජිනි කුමරිය හා ජැක් බෘක්බෑන්ක් තමන්ගේ විවාහ උත්සවයට අරාධනා කර තිබුණා.

යුජිනි කුමරිය විකලාංග රෝහලේ ස්වේච්ජා සංවිධානයේ අනුශාසක ධූරයක්ද දරනවා. ඇය තමා පසු වූ රෝගී තත්වය සිහිකිරිමත්, තමන්ට උදව් කල වෛද්‍යවරුන් ඇතුළු සැම සිහිකිරීමත්, ඔවුන්ට තමන්ගේ විවාහ උත්සවයට ඇරයුම් කිරීමත් සියල්ලෝම අගය කළ සිදුවීමක් වුණා.

ඈ තම රෝගී තත්ත්වය පිළිබඳව වූ x ray වාර්තාද මේ වසරේ මුලදී මාධ්‍ය වෙත නිකුත් කොට තිබුණා.