‘‘ප්‍රජාතන්ත්‍රවාදය කෝ..? හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවනු..‘‘ - රනිල් ගිහින් මහින්ද ආව විදියට ඉන්දියාවේ සරසවි සිසුනුත් විරුද්ධ වෙයි (VIDEO)

නව දිල්ලි නුවර පිහිටි සවුත් ඒෂියා විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ඇතුලු සිසුන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දූරයට පත්කිරිමට එරෙහිවිය.

මේ පිලිබද අදහස් පලකරන සිසුන් පවසන්නේ
ජනාධිපතිවරයාගේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදි නොවන බවයි.

එම නිසා හැකි ඉක්මණනින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාත්ත්‍රවාදි ලෙස අග්‍රමාත්‍යවරයා තොරාපත්කර ගත යුතු බවත් ඔවුන් පවසයි

මෙම විරෝධතාවට ශ්‍රී ලාංකික සිසුන් 8 දෙනෙකු එක්ව ඇති අතර, විවිධ රටවලින් තවත් සිසුන් පිරිසක්ද එක්ව තිබේ..

ඊට සහභාගි වූ කෞෂල්‍ය කුමාරසිංහ නැමති සිසුවෙක් මෙම විරෝධතාව සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකි

අපිට කාගෙවත් පැත්තක් ගන්න ඕන නැහැ..නමුත් ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායන් අනුව ජනපතිවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි..ප්‍රචන්ඩත්වයට තුඩු දිය හැකි මේ අවනිශ්චිතතාවය හැකි ඉක්මණින් අවසන් කරන ලෙසයි අප ඉල්ලන්නේ..ශ්‍රී ලංකාවේ සෑමදෙනාම ඉල්ලනෙත් මෙයයි

එමෙන්ම මෙම සිසුන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලියන ලද ලිපියක් නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලාංකා මහ කොමසාරිස් කාර්යලායටද භාරදී තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න.

gossip lanka