"පොඩි හාමුදුරුවනේ වෙන සුළු වැරැද්ද ලොකුවට කතා කරනවා හොද දේ මිනිස්සු දකින්නේ නෑ" දමිත් අසංක පන්සලකට ගිහින් සිංදු කියපු හැටි (VIDEO)

ගායන ශිල්පී දමිත් අසංක සිරගත වූ පුවත පසුගිය කාලයේ කතාබහට ලක්විය. මේ අතර බොහෝ සහෝදර කලා ශිල්පීන් සහ රසිකයන් ආදරණීය කලාකරු දමිත් අසංක වෙනුවෙන් ඉදිරිපත් විය.

බෞද්ධ දර්ශනය ඉගෙනීමට කැමැත්තක් දැක්වූ දමිත් අසංක පිළිබදව සාමනේර හිමිනමක් ෆේස්බුක් සමාජජාලයේ තැබූ සටහනක් කතාබහට ලක් වී තිබුණි. රහතන්ගම නාගිත සාමනේර හිමියන්
ෆේස්බුක් වෙබ් අඩවියේ සටහන් කර තිබුනේ

"ලෝකයා කවර කතා කීවත් මාධ්‍යයෙන් මොනවා පෙන්නුවත් දමි අයියා කවුද කියන වග හිතවතුන් දන්නවා. දමි අයියා මුදල් වලට වඩා මිනිස්සු හෙව්වේ ඒක අද හොදට තේරෙනවා. දමි අයියට එදා වාගේම අදටත් බොහෝ පිරිසක් ආදරෙයි.එක දවසක් කීවා මතකයි මට. පොඩි හාමුදුරුවනේ මන් අතින් වෙන සුළු වැරැද්ද ලොකුවට කතා කරනවා මන් අතින් වෙන හොද මිනිස්සු දකින්නේ නෑ කියලා ඒක ඇත්ත කියලා මට අද අවබෝධ උනා..ඉදිරිය සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි .." යනුවෙනි.

මේ අතර දමිත් අසංක කලාකරුවා පන්සලක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ගීත ගායනා කරන අවස්තාවක වීඩියෝවක් අප ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින්,