6 හැවිරිදි දරුවාට තාත්තයි පුංචි අම්මයි එකතු වෙලා අමානුෂික ලෙස කල දේ

වයස අවුරුදු හයක කුඩා දරුවකුට අමානුෂික අන්දමින් පහර දී ඇති යුවළක් අත්අඩංගුවට ගැනීමට වවුනියාවේ කනගරායන්කුලම පොලිසිය පෙරේදා (28 දා) පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කනගරායන්කුලමට නුදුරින් පිහිටි ගම්මානයක ජීවත් වන වයස හයක් වූ දරුවාට 27 දා දහවල් එම දරුවාගේ පියා හා සුළු මව වයරයකින් අමානුෂික අන්දමට පහර දීම නිසා තුවාල
ලද දරුවා මාන්කුලම රෝහලට ඇතුළත් කොට තිබේ.

ගම්වාසීන් පවසන්නේ මේ දරුවාගේ මව අතහැර ඔහුගේ පියා වෙනත් කාන්තාවක සමග ජීවත් වන බවයි. නිතරම එම කාන්තාව මේ දරුවාට පහර දෙන බව ද ගම්මු පවසති.

මේ සිද්ධිය වූ දිනයේදී ඒ කාන්තාවත් දරුවාගේ පියාත් දරුවාට ඉතා අමානූෂීය අන්දමට පහර දුන් බවත් ළමයා පහර කමින් මහ පාරේ දිව ගිය අවස්ථාව්දී පිරිසක් තුවාල ලබා සිටින දරුවා දැක ඔහු රෝහල් ගත කොට ඇති බවත් ස`දහන්ය.

කනගරායන්කුලම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සිද්ධිය පිළිබ`දව පරීක්ෂණ ආරම්භ කොට ඇත. ළමයාගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසුව පහර දුන් යුවළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

දිනසේන රතුගමගේ