නිවසින් පැන ගොස්‌ අතරමංවූ දරුවාට දින 07ක්‌ තිස්‌සේ ලිංගික අතවර කර මිතුරන්ට දිනකට රුපියල් දාහක මුදලට විකුණලා

නිවසින් පැන ගොස්‌ අතරමංවූ 13 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන ගොස්‌ දින කීපයක්‌ බරපතළ ලෙස අපයෝජනයට ලක්‌කර තවත් පුද්ගලයන්ට මුදලට විකුණූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව පේරාදෙණිය පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉංදික අත්තනායක මහතා විසින් ලබන 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

යටිනුවර කොබ්බෑකඩුව විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දරුවා සිය දෙමාපියන් සමග අමනාපව ඉකුත්
සතියේ නිවසින් පැනගොස්‌ කොළඹ කොටුවට පැමිණ කොටුව දුම්රිය ස්‌ථානයේ රැඳී සිටියදී දරුවා සමග මිතුරුවූ අදාළ පුද්ගලයා දරුවා රැගෙන පාලු පෙදෙසක දුම්රිය දෙපාර්තමේන්තුව අතහැර දමන ලද ආරක්‍ෂක කුටියකට ගෙන ගොස්‌ දින 07 ක්‌ තිස්‌සේ බරපතළ ලෙසට ලිංගික අපයෝජනයට ලක්‌කොට ඔහුගේ මිතුරන්ට දිනකට රුපියල් දාහකට බැගින් විකුණා තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබෙන්නේ.

දරුවාගේ මව විසින් තම දරුවා අතුරුදන්ව ඇති බවට පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී මෙම දරුවා කොටුව දුම්රිය ස්‌ථානයේ පාලු ප්‍රදේශයක සිටින බවට තොරතුරු ලැබීමෙන් පසුව කොළඹ කොටුව පොලිසිය හා එක්‌ව මොවුන් අත්අඩංගුවට ගත් බව පැවසේ.

 මෙම දරුවා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සදහන්.

gossip lanka