නංගීව දෙවසරක් තිස්සේ ඇද උඩට ගත්ත අයියා ‌දෙමසක ගැබිණි නංගී දමා නිවසින් පලා ගිහින්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි තම දියණිය කිසිවෙකු විසින් කෙළෙසා තුන් මසක ගැබිණියක් බවට පත්කර ඇති බව පවසා මව විසින් හිඟුරක්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්‍යංශය වෙත  (26) දින පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වීමේදී අතවරයට පත් දැරිය, 17ත් හැවිරිදි තම සහෝදරයා විසින් තමන්ට අතවර කළ බවට පොලිසියට ප්‍රකාශයක් දුන්
බව එම කාර්යාංශය පවසයි.

ඒ අනුව පොලිසිය නිවසට ගොස් අතවරයට පත් දැරිය පොලිස් භාරයට ගෙන හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හිඟුරක්ගොඩ රෝහල විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම දරුවන්ගේ මව සහ පියා කම්කරුවන් ලෙස රැකියා කරන අතර ඔවුන්ගේ දරුවන් තිදෙනා අතරින් අතවර කර ඇත්තේ පවුලේ වැඩිමහල් 17ත් හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා බවත් අතවරයට ලක්ව ඇත්තේ පවුලේ දෙවැනි දියණිය බවත් පොලිසිය පවසයි.

තුන්වෙනි පිරිමි දරුවාට වයස අවුරුදු දෙකහමාරක් පමණ වේ. පොලිසිය විසින් අතවරයට පත් දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව තම සහොදරයා ඇයව මුළින් ම අතවරයට පත් කර ඇත්තේ 2016 දෙසැම්බර් මස දිනක බවත් එදා සිට විවිධ අවස්ථාවලදී තමාව අතවරයට ලක් කළ බවත් ඇය පවසා තිබේ.

පොළොන්නරුව කොඨිඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජි. ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි ප්‍රදේශයෙන් පලාගිය සැකකාරු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇත.

ඩබ්ලිව්. ඒ. පියතිලක -හිඟුරක්ගොඩ

gossip lanka