උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ - 

කුජ හිමි මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ බලවත්ව හා දිග්බලව කේතු සමග දහවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ඔබේ ගෘහජීවිතය සුබඵලදායක වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. සිතේ සතුට ඇතිවේ. මව්පියන්ට සුබයි. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන
කටයුතුවලට තරමක බාධා ඇතිවේ. මේ අතර අඹු-සැමි භේද ඇති විය හැකියි. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. අවිවාහක අයගේ මංගල යෝජනාවලට තරමක බාධා ඇති විය හැකියි. හවුල් ව්‍යාපාරවලටද නොසිතු බාධා ඇතිවීමට ඉඩ ඇත. ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.
සුබ පාට - රෝස සුබ අංකය - 03

වෘෂභ - 

ඔබේ ලග්නයට අධිපති සිකුරු සමග රවි හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබාසුබ මිශ‍්‍රඵලදායක වේ. වෘෂභ ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. උසස් අධ්‍යාපන කටයුතුද සාර්ථක වේ. ලිපිලේඛන හා ශාස්ත‍්‍රීය කටයුතු වලට සුබදායක වේ. අසල්වාසීන් සමග හොඳ හිත වර්ධනය වේ. චිත්ත ධෛර්යය වැඩිවේ. වාසිදායක ගමන්ද යෙදේ. ගෘහජීවිතය සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක තරුණ තරුණයින්ට මංගල යෝගද උදාවේ. මේ අතර රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යෑමට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. සතුරන් පරාජය වේ. බොහෝ අසනීපවලින් සුවය ලැබේ. ශනි දශා ගත කරන අයට තරමක් අපලයි.
සුබ පාට - දිලෙන සුදු සුබ අංකය - 01

මිථුන - 

ඔබේ ලග්නයට හා හතරවැන්නට අධිපති බුධ සමග ගුරු හයවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවන බව පෙනේ. එම නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. ගෘහජීවිතය සුබදායක වේ. තැන්පත් ධනය වර්ධනය වේ. දරුවන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මේ අතර අවිවාහක අයගේ මංගල කටයුතුවලට හා පෙම් සබඳතාවලට තරමක බාධා ඇති විය හැකියි. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී වඩාත් කල්පනාකාරී වන්න. හදිසි අනතුරුවලින් ප‍්‍ර‍්‍රවේශම් වන්න. උෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වන්න. ගුරු හා කුජ දශා තරමක් අපලයි.
සුබ පාට - සුදු/ක‍්‍රීම් සුබ අංකය - 02

කටක - 

සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සඳු එකොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක් බාධා සහිත බව පෙනේ. බලාපොරොත්තු වනවාට වඩා වියදම් ඉහළ යා හැක. තැන්පත් ධනය පරිහරණයේද’ වඩාත් සැලකිලිමත් වන්න. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආයෝජන කටයුතුවලින් අපේක්‍ෂිත ලාභ ලැබේ. පෙම්වතුන්ට සුබදායක වන අතර අවිවාහක අයට මංගල යෝග යෙදේ. ගෘහජීවිත ගත කිරීමේදී තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත. මව්පියන් ගැන අවධානය යොමු කරන්න. රුධිර පීඩනය හා හෘදයාබාධවලින් පෙළෙන අය වෛද්‍යය උපදෙස් මත නිසි මාත‍්‍රාවෙන් ඖෂධ පාවිච්චි කරන්න.
සුබ පාට - කහ / තැඹිලි සුබ අංකය - 05

සිංහ - 

රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන රාජ්‍ය කාරක රවි සමග සිකුරු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මිශ‍්‍රඵලදායක වේ. අලස බව නිසා අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇති විය හැක. විදේශ ගමන් සාර්ථක වේ. මේ අතර නිෂ්ඵල ගමන්ද යෙදේ. නීතිමය ලිපිලේඛනවලට අත්සන් කරන විට වඩාත් ප‍්‍රවේශම් වන්න. අසල්වැසියන් සමග අමනාප වීමට ඉඩ ඇති නිසා ප‍්‍රවේශමෙන් ඇසුරු කරන්න. මිතුරු මිතුරියන් සමග සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. දිගු කාලයකින් හමු නොවූ සහෝදරයකු හෝ මිතුරකු ඔබගේ නිවසට පැමිණීමට ඉඩ ඇත.
සුබ පාට - දිලෙන සුදු සුබ අංකය - 01

කන්‍යා - 

ඔබේ ලග්නයට හා දසවැන්නට අධිපති වන බුධ සමග ගුරු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රඵලදායක වේ. ආදායම් සතුටුදායක වන නමුත් වියදම් පාලනය කර ගන්න. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රැකියා අංශවල තරමක සතුටුදායක බවක් පෙන්වයි. එහෙත් උසස් අය සමග ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න. අලූත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. වැඩිමහල් සහෝදරයින්ට සුබයි. මේ අතර විවාහය ප‍්‍රමාද වූ අවිවාහක අයට මංගල යෝග යෙදේ. විදෙස් ගමන් සාර්ථක වේ. ආගමික කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව උදාවේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට සුබදායක වන අතර යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ.
සුබ පාට - ලා- කොළ සුබ අංකය - 04



තුලා - 

සිකුරු හිමි තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු සමග රවි ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රඵලදායක වේ. පසුගිය දිනවල පැවැති ප‍්‍රශ්නයකට බොහෝ දුරට විසඳුම් ලැබේ. පිංකමකට සහභාගි වීමට අවස්ථාව උදාවේ. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. සම්මුඛ පරීක්‍ෂණවලින් හා විභාගවලින් සමත් විය හැකියි. දරුවන්ට සුබදායක වේ. මේ අතර ඉක්මන් කෝපය නිසා පවුලේ අය සමග ගැටලූ ඇතිවීමට ද ඉඩ ඇත. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. බලාපොරොත්තු වූ ණය පහසුකම් ලැබේ. තැන්පත් ධනය වර්ධනය වේ. උෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වන්න.
සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය - 06

වෘශ්චික - 

ඔබේ ලග්නාධිපති කුජ බලවත්ව කේතු සමග තුන්වැන්නේද භාග්‍යයට අධිපති සඳු හත්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. සතිය ආරම්භයේ සෙම් රෝග හෝ සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සතිමැද වනවිට බොහෝ ගැටලූ විසඳේ. ආගමික කටයුතු කෙරෙහි සිත යොමුවේ. වාසනාව උදාවේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මේ අතර ප‍්‍රයෝජනවත් දුර ගමන් ද යෙදේ. පූජ්‍ය පක්‍ෂයේ හා උසස් අයගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට අවස්ථාව උදාවේ. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සාර්ථක වේ. උසස් අය සමග කටයුතු කිරීමේද’ වඩාත් සැලකිලිමත් වන්න.
සුබ පාට - රෝස සුබ අංකය - 03

ධනු - 

ඔබේ ලග්නයට හා හතරවැන්නට අධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රඵලදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු වල සුබදායක තත්ත්වයක් පෙන්වයි. උසස් අයගේ ඇගයීමට ලක්වේ. නව රැකියා අවස්ථා උදාවේ. ඔබගේ තනතුරේ උසස්වීම් ලැබීමටද ඉඩ ඇත. ආදායම් සතුටුදායක නමුත් වියදම් පාලනය කර ගන්න. සතිමැද වනවිට ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වන්න. මේ අතර උසස් අය හඳුනා ගැනීමටද අවස්ථාව උදාවේ. නීතියේ පිහිට ලැබේ.. සෙනසුරු හා ගුරු දශා ගත කරන අයට තරමක් අපලයි.
සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය - 06


මකර - 

සෙනසුරු ග‍්‍රහයාට හිමි මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ශනි වැයස්ථානයේ ගමන් කරමින් උදාවන මෙම සතිය රැකියා හා ව්‍යාපාර කටයුතුවල සතුටුදායක තත්ත්වයක් ඇතිවේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ආදායම් යහපත් වේ. සහෝදරයින්ට සුබයි. විවාහ සහකරුට සුබඵලදායක වේ. එහෙත් සතිමැද වනවිට බිරිඳ හා සැමියා අතර මතභේද ඇතිවීමට ඉඩ ඇත. මේ අතර උසස් අය සමග ඉවසිලිවන්තව කටයුතු කරන්න. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සති අන්තය වනවිට ආගමික කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව උදාවේ.
සුබ පාට - කහ / තැඹිලි සුබ අංකය - 05

කුම්භ

කුම්භ ලග්නයේ ඔබේ ලග්නාධිපති ශනි ලාභස්ථානයේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට මිශ‍්‍රඵලදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිවේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ආදායම් තත්ත්වයට තරමක බාධා පවතින අතර වියදම් ද ඉහළ යයි. සති මැද වනවිට සෙම් රෝග වැනි සෞඛ්‍ය ඇති විය හැකියි. විදේශ ගමන්වලට ද තරමක බාධා ඇති විය හැකියි. මේ අතර යුගදිවි ගත කරන අය වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න. සහෝදරයින්ට තරමක අපල බවක් පෙනේ. ඔබට වෙනදාට වඩා අවිවේකී කාලසීමාවක් උදාවේ. එම නිසා කාලය කළමනාකරණය කර ගන්න.
සුබ පාට - නිල් සුබ අංකය - 07 

මීන - 

ගුරුට හිමි මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු නමවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. ගෘහජීවිතය පිළිබඳ කරන කටයුතුවලට සුබදායක වේ. ස්වයං රැකියා හෝ ගෘහාශ‍්‍රිත කර්මාන්තවල නියැළෙන අයට අපේක්‍ෂිත ලාභ ලැබීමට බොහෝ දුරට ඉඩ ඇත. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සුබ ප‍්‍රතිඵල ලැබේ. මේ අතර හදිසි ධන ලාභ ලැබීමටද වාසනාව උදාවිය හැකියි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග ඉවසීමෙන් කටයුතු කරන්න. විදෙස් ගමන් සාර්ථක වේ. සතිඅග වනවිට රහස් සතුරු කරදරයක් නිසා සිත් තැවුල් ඇති විය හැකිය. කෙසේ නමුත් රවි දශා සිකුරු දශා ගත කරන අයට අපලයි. අන් අයට මිශ‍්‍රඵලදායකයි.
සුබ පාට - රෝස සුබ අංකය - 03 




gossip lanka