බ‍්‍රහස්පති හෙවත් ගුරු ග‍්‍රහයා වෘශ්චික රාශිගත වීම රටට හා ඔබට කොහොමද ? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

වර්ෂ 2018 ඔක්තෝම්බර් මාසය 11 වන බ‍්‍රහස්පතින්දා දින රාත‍්‍රී 7 පසු වී විනාඩි 21 ට බ‍්‍රහස්පති ග‍්‍රහයා වෘශ්චික රාශිගත වේ.

වර්ෂ 2019 මාර්තු 29 සිකුරාදා දින රාත‍්‍රී වක‍්‍ර වීම සිදුවන අතර නැවත 2019 අපේ‍්‍රල් 23 දින එම වක‍්‍රයෙන් මිදී වෘශ්චික රාශිගත වී වර්ෂ 2019
නොවැම්බර් 05 අඟහරුවාදා දින දක්වා වෘශ්චික රාශියේ ගත කරන කාලය තුළ රටට කරන බලපෑම නම් තමාට සුභ මිත‍්‍ර රාශි ගත වීම අනුව ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය (10) දශවන භාවය හෙවත් කර්මස්ථානගත වීම අනුව නව රැකියාවන් රැසක් බිහි වීමට හොඳම කාලය වේ. කලා ක්‍ෂේත‍්‍රයේද යහපත් රටට වැඩදායී නිර්මාණ බිහි වේ. උගතුන් බුද්ධිමතුන් හා ආගමික නායකයින් රටේ වැඩදායී ඵලදායී වැඩකටයුතු රාශියකට උපදෙස් දෙන කාලයක් උදා වේ.

පිං කරන යහපත් දේ කරන අයව ආරක්ෂා වෙන කාලයයි. බොහෝ ආගමික කටයුතු රට තුළ සිදු වේ. අයහපත් නරක දේට ගුරු ගෙන් ඉඩක් නැති බැවින් සැම දෙනාම පිං දහම් වලින් තම යහපත සලසා ගැනීමට හැකි හොදම කාලය වේ.

මේෂ ලග්නය - දියුණුව සමඟ අවහිරතා මතු වීම
ඔබගේ කේන්ද්‍රය තුළ (8) අට වැන්න හෙවත් මාරක ස්ථානයට ගුරුගේ පැමිණීම අනුව ලග්නයට මිත‍්‍ර ග‍්‍රහයකු බැවින් ගුණ ලබා දේ. නමුත් අට වැන්නට එ්ම මඟින් ඔබට කරදර විපත්ද මතු වේ. ක‍්‍රීඩා කරන අයට යහපත් වේ. ඉගෙනීමට යම් බාධා ආවත් ඒවා ජයගත හැකි වේ. සහකාරිය හෝ සහකරුගේ වෙන්වීමක් පෙන්වයි.

රෝග ලෙස - තුනටිය අමාරු, මුත‍්‍රා ආශ‍්‍රිත ආසාදන මතු වන අතර හදිසි අනතුරු වලින්ද ආරක්ෂා වන්න.
අගුණ සමනය වීමට - බෝධි පූජාවන් තබා විෂ්ණු හා කතරගම දෙවිට පූජා තබා ගන්න. කතරගම දෙවිට රතු හා කහ මල් පූජා කරන්න.

වෘෂභ ලග්නය  - නව මිත‍්‍ර සබඳතා ඇති වේ.
ඔබගේ කේන්ද්‍රය තුළ (7) හත්වැන්නට ගුරුගේ පැමිණීම හිතවත් මිත‍්‍රකම් ගොඩනගා ගැනීමට යහපත් වේ. නමුත් රැවටීම්ද ඇති වේ. එයින් ප‍්‍රවේශම් වන්න.
මංගල කටයුතු ස්ථිර වීමට යහපත් කාලයකි. දැනට පවතින දරුණුම අෂ්ටම නම් ඒ රාෂ්ටක අපලය හේතුවෙන් කරදර විපත්ද මතු වේ. කාට හොද කලත් ගුණයක්ද නැත. රැකියාවේ කරදර එ්ම හා ණය වීමට පවා සිදු වේ. ගෙදර සාමයටද බාධා මතු වුවත් ඔබගේ යහපත් ගුණය මත ප‍්‍රශ්න සමතයකට පත් කර ගැනීමට හැකියාව ඇත.

 රෝග ලෙස -   බඩෙහි ආමාෂ ගත රෝග දෙපා වල අමාරු නහර වල වේදනා මතු වේ.

අගුණ සමනය වීමට - විෂ්ණු දෙවි නිල් මල් පූජාවද සෙනසුරාදා දින වල උදේ කිරිබත් එළගිතෙල් දමා කපුටු දානය දීම මහළු අසරණ අයට දාන දීම කතරගම දෙවිට තලතෙල් පහනක් දල්වා පිංදීම.

මිථුන ලග්නය - රහස් සතුරු කරදර මතු වේ.
ඔබගේ කේන්ද්‍රය තුළ (6) හයවන භාවයට ගුරුගේ පැමිණිම අනුව රෝග හා සතුරන් ඇති වන හා නැති වන ස්ථානය ලෙස හඳුන්වන මෙම භාවය තුළ ගුරු ඔබට යහපත් දේ අයහපත් දේ කරනු ඇත. ඉගෙන ගන්නා අයට යහපත් වේ. තාක්ෂණික ඉංජිනේරු, කාර්මික අංශ වලින් යහපත උදා වේ. වාහන වලට වැඩි ආසාවක් දක්වන ඔබ ඒවා මිලදී ගැනීමේදී ප‍්‍රවේසම් වන්න. රැවටීමට අසු වීමට ඇත. විදේශ ගමන් වලටද යහපත් වේ.

රෝග ලෙස -  බඬේ ආසාදන, මුත‍්‍රා හා තුනටියේ අමාරු, ඇස්වල දුර්වලතා මතු වීමට ඇත.
අගුණ සමනය වීමට - බෝධි පූජාවක් තබා කතරගම දෙවිට කහ මල් රතු මල් පූජා කරන්න. බෝධියට වැටකෙයියා මල් හා පිච්ච මල් පූජා කර සූනියන් දෙවිට හා සතර වරම් දෙවිට පිං දෙන්න.

කටක ලග්නය  - හිතේ කලකිරිම් පහ වී දියුණුවට මාර්ගය උදා වේ.
කේන්ද්‍රය තුළ (5) පස්වන භාවයට ග‍්‍රරුගේ පැමිණීම යහපත් වෙ. ඉගෙන ගන්නා අයට කුමන වයසක වුවත් යහපත් වේ. උගන්වන අයටද යහපත් වේ. දියුණු වීමට මාර්ග පෑදේ. දැනට පවතින හිතේ කලකිරීම් ස්වභාවය නැති වී යයි. ඔලූව තෝන්තු බව අමතක වීම තරමක් අඩු වී යහපත උදා වේ. විදේශ ගමන් වලටද යහපත් වේ. පිරිමි දරුවන් බලාපොරොත්තු අයට ඒවා ඉටු වීමට හොදම කාලයයි.

රෝග ලෙස - ඔලූවේ තොන්තු බව අමතක වීම, සෙම් අමාරු, බඬේ ආමාශ රෝග මතු වීමට ඇත.
අගුණ සමනය වීමට -  බෝධි පූජාව දින 14 ක් තබා කතරගම දෙවිට බලවත් පූජාවක් තබා ගන්න. විශ්නු දෙවිට නිල් මල් වට්ටියක් පූජා කර පිං දෙන්න.

සිංහ ලග්නය - අඩාල වී ගිය කරුණු තරමක් යහපත් අතට පත් වේ.
කේන්ද්‍රය තුළ (4) හතරවන භාවයට ගුරු පැමිණෙයි. ගෙදර සමගියට කරුණු උදා වේ. බාධා උන දේ නැවත හරියනු ඇත. පරණ ගෙදර අලූත් කරන්නට සිත් වේ. පරණ වාහනය විකුණා අලූත් වාහනයක් ගන්නට සිත් වේ. නමුත් නෑදෑයින් සමඟ මතභේද මතු වීමට ඇති බැවින් ප‍්‍රවේශම්ව කටයුතු කළ යුතු වේ. ආදර සම්බන්ධතා වලට යහපත් වේ. ගෙදර දියුණුව ගැන සිතා වැඩ කරන්නට සිත් වේ.

රෝග ලෙස -   බඩේ ආමාශ රෝග, පපුවේ හිරවීම්, පපුවේ අමාරු මතු වීමට ඇත.
අගුණ සමනය වීමට - විෂ්ණු දෙවි පූජාව තබා නිල් මල් වට්ටි 3ක් පූජා කරන්න. සූනියම් දෙවිට පිච්ච මල් පූජා කරන්න. කාලි මෑණිටද පූජාවක් තබා ගන්න.

 කන්‍යා ලග්නය   -  වැඩි උත්සාහය ඔබගේ දියුණුවට හේතු වේ.
ඔබගේ කේන්ද්‍රය තුළ (3) තුන්වන භාවය හෙවත් වික‍්‍රමස්ථානයට ගුරුගේ පැමිණීම යහපත් වේ. උනන්දුව හා උත්සාහය ඇතිව ක‍්‍රීඩා වල යෙදෙන අයටද ඉතාම යහපත් වේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ . මංගල යෝගද උදා වේ. උත්සාහය මත වාසනාව ලගා වන කාලයකි. පිං කිරීමට සිත් වේ. අනුන්ට උදව් කිරිමට යාමෙන් තමා දුකට පත් වේ. නමුත් ඔබට ලැබෙන දේව ආශීර්වාදය අඩුවක් නොවේ. කතාවේ බලයද ඇති වේ.

රෝග ලෙස -  ඇස්වල අමාරු, දත්වල අමාරු හා බඬේ ආමාශගත රෝග මතු වේ. පපුවේ වේදනා ද  ඒමට ඇත.
අගුණ සමනය වීමට -  සිල්වත් අයට දාන දීම, මහා සංඝරත්නයට දාන දීම, සුමන සමන් දෙවිට පූජා තැබීම.

තුලා ලග්නය - නව ආදායම් මාර්ග වලට සිත යොමු වේ. 
ඔබගේ කේන්ද්‍රය තුළ (2) දෙවැන්නට ගුරුගේ පැමිණීම අනුව ධනය ලැබීමට යහපත් වේ. තැන්පත් ධනයද ඇති කර ගැනීමට පුළුවන් වේ. වෙළදාම් ව්‍යාපාර කරන අයටද යහපත් වේ. කලාකාමී බව හා සිතේ සතුට ඇති වේ. පිංදහම් කර තව තවත් යහපත් දේ ඉටු කර ගැනීමට උත්සය ගන්න. ගෙදර දියුණුවට වටිනා දේ මිලදී ගැනීමට සිත් ඇති වේ. මිල මුදල් ණය මුදල් නැවත ලැබීමට හොද කාලය වේ.

රෝග ලෙස -   තුනටිය අමාරු හා දෙපා වල අමාරු සෙම් තත්ත්ව මතු වීමට ඇත.
අගුණ සමනය විමට -  ගණ දෙවිට පූජා තබා ගන්න. කතරගම දෙවිට රතු තිර හා මල් පූජා කර තලතෙල් පහන් 3ක් දල්වා පිං දෙන්න.

වෘශ්වික ලග්නය - කරදර බාධා ජය ගැනීමට ඉතාම හොද කාලයකි.
ඔබගේ කේන්ද්‍රය තුළ (1) එක කොටුව හෙවත් ලග්නයට ගුරුගේ පැමිණීම සිදු වේ. බුද්ධියෙන් කරන හැම දේටම යහපත් වේ. ඉගෙනගන්නා කාට උවුද සුභ වේ. පිං කරන අයට එහි නියම ගුණය ඉක්මනටම ලැබේ. භාවනා කරන අයට මාර්ගඵල ලැබීමට යහපත් වේ. බ‍්‍රහස්පති මහ දසාවක් හො අන්තර් දසාවක් ලබා ඇති නම් ලග්නය තුළ දිග්බලය තත්ත්වයට පත් වන බැවින් බොහෝ ගුණ දෙයි. ලග්න ඒ රාෂ්ටක අපලය ඇති බැවින් කරදරද මතු වීමට ඇත. ඔබගේ බොහෝ ප‍්‍රශ්න විසදාගෙන යහපත උදාකර ගැනීමට හැකි කාලයයි. විදේශ ගමන් වලටද යහපත් වේ.

රෝග ලෙස -  ඇස් වල අමාරු හා දත් වල අමාරු දෙපා වල වේදනා ගෙන දීමට ඇත.
අගුණ සමනය වීමට -  බෝධි පූජාව තබා කපුටු දාන දීම, මහළු දුගී අයට කෑම දීම.

ධනු ලග්නය - වියදම් අධික වේ. නමුත් ඒවා ජයගත හැකියි.
ඔබගේ කේන්දරය තුළ වැය ස්ථානය වන (12) දොලොස් වන භාවයට ගුරුගේ පැමිණීම විදේශගත වීම් වලට යහපත් වේ. නමුත් පවතින ලග්න ඒ රාෂ්ටක අපලය මගින් ඔබට යම් යම් බාධා කරදර මතු වේ. මුදල් නාස්ති වීම් හා ණයට දුන්න දේ ගන්නද බැරි වේ. රැකියාවේ කරදර මතු වේ. වරින් වර හිතට සහනය අඩු වේ. නමුත් ඔබ සත්‍යගරුකව නීති ගරුකව සිටීමෙන් හා කරන පිං අනුව යහපත උදා වෙයි.

රෝග ලෙස -   ඔලූවේ තෝන්තු බව, ඇස් වල අමාරු, ආමාශගත රෝගද මතු වීමට ඇත.
අගුණ සමනය වීමට -  විෂ්ණු දෙවිට නිල් මල් වට්ටි 3ක් පූජා කරන්න. කතරගම දෙවිට රතු හා කහ මල් වට්ටි 3 ක් පූජා කර පිං දෙන්න.

මකර ලග්නය - හදිසි ධනලාභ හා තැන්පත් ධනය වැඩි වීමක්.
ඔබගේ කේන්ද්‍රය තුළ (11) එකොළොස් වන භාවය හෙවත් අයස්ථානයට ගුරුගේ පැමිණීම ඔබ  උනන්දු උනොත් ධන බලය වැඩි කරගෙන දියුණුව ලැබීමට හොද කාලයක් වේ. ලග්නගත සෙනසුරුගේ ඒ රාෂ්ටක අපලය ඇති බැවින් මුදල් නාස්ති වීම් ද අධික වියදම්ද ඇති වේ. නමුත් බොහෝ විටම ධන බලයද සුභ වේ. ණයට දුන්න මුදල් ලැබීමට හොද කාලයයි. රැකියා දියුණුව ඇති වේ. නමුත් ඔබගේ කේන්ද්‍රය තුළ අශුභ දසා කාලයක් නම් ගුණ අඩු වේ. ශුභ දසා කාලයක් නම් ගුණ අධිකව ලැබේ. ඉගෙනීම කරන අයටද යහපත් වේ.

රෝග ලෙස  - ඔලූවේ කැක්කුම, බඬේ ආමාශ‍්‍රිත රෝග හා තුනටියේ අමාරුද මතු වීමට ඇත.
අගුණ සමනය වීමට -   බෝධි පුජාව දින 7 ක් තබා කතරගම දෙවිට හා විෂ්ණු දෙවිට පූජා තබා ගන්න. දැඩිමුණ්ඩ දෙවිට පූජා තබා ගන්න. පාට 4 ක මල් වට්ටියක් පූජා කර පිං දෙන්න.

කුම්භ ලග්නය  - නව රැකියා ලාභ ලැබීම හා උසස් වීම්.
ඔබගේ කේන්ද්‍රය තුළ (10* දසවන භාවය හෙවත් කර්මස්ථානයට ගුරුගේ පැමිණීම යහපත් වේ. නව සිතුම් පැතුම් ඉටු වන කාලයයි. අලූත් රැකියා ලාභ ලැබීමට හෝ දියුණුවේ මාර්ග ඇති වීමට හොද කාලයයි. ඉගෙනීමට යහපත් වේ. නිතරම පිං දහම් කරන්න. භූමි ලාභ හා පවුලේ සමගිය සතුටද ඇති වේ. වෙළදාම් ව්‍යාපාර වලටද යහපත් වේ.

රෝග ලෙස  -   දෙපා වල අමාරු හා පිටේ අමාරු මතු වීමට ඇත.
අගුණ සමනය - වීමට    ගණ දෙවිට පුජා තබා ගන්න. සුදුනෙළුම් මල් 7 ක් ඊශ්වර දෙවිට පුජා කර පිං දෙන්න.

මීන ලග්නය  - පෙර පිං බලය ඉස්මතු වී යහපත උදා වේ.
ඔබගේ කේන්ද්‍රය තුළ (9) නමවැන්න හෙවත් භාග්‍යස්ථානයට ගුරුගේ පැමිණීම සිදු වේ. කලකට පසුව උදා වන යහපත් පිහිටීමක් වේ. ඉගෙනීමට හා විදේශගතව ඉගෙනිමටද විදේශගත ව්‍යාපාර වලටද සුභ වේ. පවුලේ සතුට සමගිය ඇති වේ. කා සමගත් හොදින් ඉන්නට බලයි. වාසනාවන්ත වේ. පිං දහම් කරන තරමට ගුණ අධිකව ලැබෙනු ඇත. සසර දුකින් මිදීමට සිතන අයට එහි නියම ප‍්‍රතිථල ලැබීමට හොද කාලයයි.

රෝග ලෙස -    සෙම් රෝග හා මුත‍්‍රාවල දෝෂ, ආසාදන මතු වීමට ඇත.
අගුණ සමනය වීමට -   බෝධි පූජාව දින 7 තබා ගන්න. ඇළදොළ මාලූන්ට කෑම දෙන්න. පත්තිනි පූජාව තබා ගන්න. මෛත‍්‍රී භාවනාව කිරීම යහපත් වේ.

මෙම බ‍්‍රහස්පති ග‍්‍රහයා වෘශ්චික රාශි ගත වීම ඒ ඒ ලග්න වලට බලපාන පලාපලයන් තමන් උපන් ග‍්‍රහ බලය බලවත් කම මත වෙනස් වීමට හැකි අතර දරුණු අපල කේන්ද්‍රයට අනුව ගත කරන කාලයක් නම් එනම් මාරක දසා (22) විසිදෙවන දෙර්කානාධිපති දශාගත කරන අයට ගුණ අඩු වීමට හැකියාව ඇත. අගුණ කියා ඇති අයට ගුණ ලැබීමටද සුභ දශාවක් ගත කරනවා නම් යහපත් වේ. එබැවින් මෙම කළයුතු වත්පිළිවෙත් වලට වඩා වැඩි ශාන්තිකර්ම කර යහපත උදාකර ගැනීමට ඔබ උනන්දු විය යුතු වේ. මේ කියු කරුණු පොදුවේ කියු කරුණු බැවින් ඔබට හැකි පමණ පිං දහම් වල යෙදී යහපත උදා කර ගැනීමට උනන්දු වන්න.
               

ප‍්‍රවිණ ජ්‍යෙතිෂවේදී,

නිහාල් හේවාබටගොඩගේ
පානදුර - මාලමුල්ල
වැඩි විස්තර සඳහා අමතන්න 077 4181943



gossip lanka