ජනප්‍රිය නළුවෙකු ගණිකා නිවාසයක් කරන බවට මුහුණු පොතෙන් එල්ලවන චෝදනාවට ඔහු අවි ඔසවයි - Video & Photos

ජනප්‍රිය නළුවෙකු වන අසංග පෙරේරා පිළිබඳව මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙනවා.

ඒ ඔහු නවක නිළියන් යොදාගෙන ජංගම ගණිකා නිවාසයක් සිදුකරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධව එක්තර මුහුණු පොතේ පිටුවකින් ඔහුට මෙලෙස මඩ ප්‍රහාරයන් සිදුකර ඇති අතර මේ
පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කිරීමටද අසංග පෙරේරා කලාකරුවා කටයුතු සූදානම් කර තිබුණා..

අනතුරුව ඔහු ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඊයේ (01) පැමිණිලි කළා.

කෙසේ වෙතත් මෙම සටහන ඔහු පිළිබඳව ඇති වෛරයකින් දැමූ අසත්‍ය ප්‍රචාරයක් බවත් කිසිඳු පොලිස් ස්ථානයක් සඳහන් කර නොමැති නිසා බැලූ බැල්මට මෙය බොරු ප්‍රචාරයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

මේ අතර මෙවැනිම වූ මඩ ප්‍රහාරයක් ජනප්‍රිය ගායකයෙක් යන අජිත් මුතුකුමාරටද මේ දිනවල එල්ලවනවා.

අසංග පෙරේරා මේ පිළිබඳව කියූ දේ සහ අදාළ සටහන පහතින් බලන්න