STF ඇඳුමෙන් සැරසී හෙල්මන්ට් දාගත් අර්ජුන - උණුසුම් වූ තෙල් සංස්ථා පරිශ්‍රයෙන් හොර රහසේම එළියට ගත්තේ මෙහෙමයි..! (PHOTOS)

දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය අසල ඇතිවූ උණුසුම් තත්වයත් සමඟ කාර්යාල අඩස්සියේ රඳවාගෙන සිටි හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගහ මහතා ඉන් පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් දැඩි වෙහෙසක් ගත්තා. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්
විසින් STF ඇඳුම් අන්දවා හිටපු අමාත්‍යවරයා පිටතට ගෙන ඒමටයි කටයුතු කර තිබුනේ.

අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා ඊයේ (28) ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශයට පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්වය ඇතිවූ අතර එහිදී හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිළධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී එක් පුද්ගලයෙකු මිය ගියා.

පහත දැක්වෙන්නේ හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේ සම්පූර්ණ STF ඇඳුමක් අන්දවා කාර්යාලීය පරිශ්‍රයෙන් එළියට ගත් ආකාරයයි.


gossip lanka