නාමල් කුමාරගේ ඇත්ත අමිත් වීරසිංහ හෙළි කරයි : DIG නාලක සිල්වා නාමල්ගේ අත් මාංචු ගලවා වාහනෙන් බැස්සුවා

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳ අනාවරණයක් සිදු කළ නාමල් කුමාර නමැත්තා පිළිබඳ මහසෝන් බලකායේ අමිත් වීරසිංහ මාධ්‍ය හමුවේ ඊයේ (31) හෙළිදරව්වක් සිදු කළා.

මාර්තු මාසයේ ඒකාබද්ධ විපක්ෂය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේ එකෙන් බේරෙන්න ක්‍රමයක් නැතුව හිටිය එයාලට මහනුවර තෙල්දෙණිය සිදුවීම නිසා වැට උඩ
හිටපු මුස්ලිම් කොංග්‍රසය තමන්ගේ පැත්තට හරවා ගන්න අවස්ථාව උදාවුනා. ඒ විතරයක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සහචරයෙක් උනු DIG නාලක සිල්වා නිරපරාදේ තරුණයින් අත්අඩංගුවට ගත්තා. පත්තරේ ගියේ මගේ ගෙදර ඉදන් තරුණයෝ 10 දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. නමුත් 11 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එහෙම ගත්ත 11 වෙනියා තමයි නාමල් කුමාර. ඔහු හිටියේ මගේ ගෙදර. අත් මාංචු දාලා ටිකක් දුර එක්කන් ඇවිල්ලා DIG නාලක සිල්වා නාමල් කුමාරගේ අත් මාංචු ගලවලා වෙනත් වාහනයක දාලා පිටත් කර හැරියා.

එහිදී ඔහු තවදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.

ඒ ඝාතන කුමන්ත්‍රණය විශේෂයෙන්ම හෙළි වුනේ ඩෑන් ප්‍රියසාද් මාව බලන්න අනුරාධපුරේ බන්ධනාගාරේට ආව. ආපු වෙලාවේ කිව්වා මටත් ත්‍රස්ත විමර්ශන ඒකකයට එන්න කියලා තියනවා මම මොනවද කියන්න ඕනේ කියලා මගෙන් ඇහුවා. මම කිව්වා ඔයා දන්න ඔක්කොම කියන්න, කියලා අන්තිමට මෙන්න මෙහෙම බොරුවක් කියන්න කියලා. ඒ බොරුව තමයි මට නාමල් කුමාර කොටුවේදී ඔබගේ හඬ පටයක් අහන්න දුන්නා කියලා. මේක අහපු DIG නාලක සිල්වා හොයන්නේ බලන්නේ නැතුව නාමල් කුමාරට බැන්නා. අපිට ඕන උනේ මේ දෙන්නා කරන මේ වැඩේ නතර කරන්න. DIG නාලක සිල්වා අහනවා නාමල් කුමාරගෙන් ඇයි උඹ මගේ හඬ පටයක් ඩෑන්ට අහන්න දුන්නේ කියලා. ඒ තර්ජනය දරා ගන්න බැරුව තමයි නාමල් කුමාර මාස ගානක් දෙන්නත් එක්ක කතා කරපු හඬ පට ටික මාධ්‍යට හෙළි කරන්නේ.  මේකෙන් උනේ පාතාල කල්ලියක් වගේ හිටපු මේ අයගේ සැලසුම් රටක් ඉදිරියේ හෙළි වෙලා දැන් අවසානයේ ආණ්ඩුව පවා පෙරළුනා. නාමල් කුමාර මට කරපු දේම තමයි DIG නාලක සිල්වාටත් කලේ යැයි අමිත් වීරසිංහ සදහන් කර සිටියා.

මහනුවර දිගන ප‍්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 07ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අමිත් වීරසිංහ ඊයේ ඇප ලබා අධිකරණ  භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළා.


gossip lanka