කැළි කසළ ගැටලුවට ඇඹිලිපිටියේ තරුණයෙකුගෙන් අපූරු විසඳුමක් - Video

කැළි කසළ අර්බුදයෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.

එම දිස්ත්‍රික්කය නව තාක්ෂණය අතින්ද ඉදිරියෙන්ම සිටිනවා.

නමුත් තාක්ෂණයෙන් බොහෝ දුර සිටින ඇඹිලිපිටියේ තරුණයෙක් කැළි කසළ අර්බුදයට
සාර්ථක විසදුමක් ලබා දෙන්නේ නව ජංගම යෙදවුමක් නිර්මාණය කරමින්.

මේ වන විට මුළු රටටම ගැටළුවක් බවට පත්ව ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට විසදුමක් ලෙස මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කර ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සුරේෂ් මධුෂාන් නම් තරුණයායි.

රජරට විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන උපාධිධාරියෙකුවන සුරේෂ්ගේ මෙම ජංගම යෙදුම මගින් යම් ස්ථානයක කැලි කසල ඇත්නම් හෝ යමෙක් ඒවා අවිධිමත් ලෙස බැහැර කරයි නම් ක්ෂණිකව ඒ පිලිබද ඇඹිලිපිටිය නගර සභාවට දැනුම් දිය හැකියි.

ඒ අදාළ ස්ථානය ලකුණු කිරීමකින් හෝ එහි ඡායාරූපයක් යෙදවුමට ඇතුළත් කරමින්.

සුරේෂ් මදුෂාන් - යෙදවුම් නිර්මාතෘ

"පළවෙනි ඔප්ෂන් එක තමයි ට්‍රැක්ටරය හොයාගන්න එක. ඔයාලට බලාගන්න පුලුවන් ළගින්ම යන කුණු ට්‍රැක්ටරය. ඒක දිරන කසල එකක්ද නොදිරන කසල එකක්ද..? ඔයාලා යන ගමන් දැක්කා ලොකු කුණු ගොඩක් හෝ කසල දාපු තැනක්. ඔප්ෂන් එකක් තියෙනවා ට්‍රෑෂ් මාකර් කියලා. එතනින් ඔයාලාට පුලුවන් කසල දැක්ක තැන කොහේද ගූගල් මැප් එකේ එතෙන්ට ගියා. මාකර් එකක් පෙන්වනවා. එතන සිලෙක්ට් කල හැටියේ එතැන ඩොඩ් එකක් වැටෙනවා. ඒක අයින් කළාට පස්සේ ඔයාලාටම පුළුවන් ඒ මාකර් එක අයින් කරන්න. එතකොට ඔයාලා දැක්කා නම් කසල දානවා තැන තැන ඔයාලාට පුළුවන් කම්ප්ලේන් එකක් දාන්න".

ඒ අනුව ජංගම යෙදවුම හරහා දැනුම්දුන් පසු කඩිනමින් කැලිකසල  ඉවත් කිරීමට ඇඹිලිපිටිය නගර සභාව විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ට්‍රැක්ටර් 6ක්ද යොදවා තිබෙනවා.

ඇඹිපිලිපිටිය නගර සභාවේ නගරාධිපති ලලිත් ගමගේ දැක්වූ අදහස් පහතින්

"කසල කළමනාකරණයට අපිට ලොකු මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා. පරිඝණක මෘදුකාංගයෙන් අපිට ලැබෙන සහයෝගයෙන් ට්‍රැක්ටර් රථ අනවශ්‍ය ලෙස ක්‍රියාකාරීත්වයේ යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම අපේ කාර්ය මණ්ඩලය අනවශ්‍ය ආකාරයෙන් යොදවන්න  වෙන්නේ නැහැ".

මෙලෙස ට්‍රැක්ටර් මගින් එක් රැස් කරගන්නා ඝණ අපද්‍රව්‍ය විවිධ වර්ග වශයෙන් වෙන් කර, ඒවා අලෙවි කිරීම සදහා ද ඇඹිලිපිටිය නගර සභාව මේ වන විට කටයුතු කරනවා.

සුරේෂ් මදුෂාන්- යෙදවුම් නිර්මාතෘ

"මම මේක නොමිලේ නගර සභාවට ලබාදුනනේ. මේකේ අරමුණ තමයි මේ පොඩි සිටි එකකින් මේකේ සාර්ථකත්වය පෙන්වලා ඉවරවෙලා  ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකටම මේක ලබාදීම තමයි මගේ අරමුණ. ට්‍රැක්ටර් එක තමන්ගේ ඒරියා එකට එනකොටම තමන්ට  මැසේජ් එකක් එන විදිහටම මේක හදන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තුවෙන්නේ".

gossip lanka