පදමට සූර් වී ඩුබායි යන්න ගිය රජයේ ඉහළ නිළධාරියෙක් ගුවන් යානයෙන් බස්සවයි..!

අද අලුයම අලුයම 3.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධ සත්ව නීරෝධායතනයේ ප්‍රධාන නිලධාරීවරයෙකු අධික ලෙස බීමත්ව සිටීම නිසා ඔහු ගුවන් යානයෙන්
බැස්සවීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද අළුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK. 349 දරණ ගුවන් යානය ගොඩ වී අදාළ නිළධාරියා අසුන්ගෙන සිට ඇති අතර ඒ වනවිටත් ඔහු අධික ලෙස බීමත්ව සිටීම නිසා  ගුවන් යානා කාර්යය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා. අදාල ගුවන් ගමනට එල්ලවිය හැකි බාධාවන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ලිඛිත ප්‍රකාශයක් ද සමගින් ඔහු කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.