කඩවසම් තරුණයෙක් වගේ මුහුණු පොතෙන් තරුණියන් දඩයම් කෙරු නුවරඑළියේ අනංගයෙකුට වෙච්ච වැඩේ

කඩවසම් තරුණයකුගේ ඡායාරූපයක් ෆේස් බුක් පිටුවක ප්‍රදර්ශනය කර ඒ තැනැත්තා ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටිමින් තරුණියන් කීප දෙනකුගෙන් නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඔවුන් හෝටල්වලට ගෙන ගිය පුද්ගලයකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (23 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සැකකරු නුවරඑළිය වලපනේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බවත් ඔහු කතුන් කිහිප දෙනකු
හෝටල්වලට රැගෙන ගොස්‌ ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු කඩවසම් තරුණයකුගේ නමින් සමාජ ජාලා වෙබ් අඩවියේ ගිණුමක්‌ විවෘත කර ඔහු ලෙස පෙනී සිටිමින් ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කර තරුණියන් සහ කතුන් සමග ඇසුරක්‌ පවත්වා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය වෙබ් අඩවියට ගෙන්වා ගෙන ඇති බව සඳහන්.

පසුව එම සැකකරු  කාන්තාවන්ට තමා හමුවීමට පැමිණෙන ලෙස දන්වා එසේ පැමිණි පසු ඔවුන්ට තමා සමග හෝටල්වලට යාමට ඇරයුම් කර ඇත. එසේ යැමට ඔවුන් අකැමැති වූ විට නිරුවත් ඡායාරූප ඔවුන්ගේ සමාජ ජාලා වෙබ් අඩවියේ ප්‍රචාරය කරන බවට තර්ජනය කර හෝටල්වලට රැගෙන ගොස්‌ ඇතැයිද හෙළිවී තිබෙනවා.

සැකකරුට ස්‌ථිර රැකියාවක්‌ පවා නොමැතිව රෙදි සාප්පු ඇතුළු විවිධ ස්‌ථානවල සේවය කරමින් සිට ඇතැයිද හෙළි කරගෙන ඇති බවත් සඳහන්.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී රොෂාන් විඡේසිංහ මහතාට ලැබුණු පැමිණිල්ලක්‌ මත දෙහිවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති රොෂාන් උදයංග මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


gossip lanka