2019 ලෝක කුසලානය ලංකාවට ගෙනා මොහොතේ අර්ජුනගෙන් අමුතු කතාවක් (photos)

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ICC ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය ඊයේ  ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවා.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස
පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයේ පවා අවධානයට ලක් වී තිබුණා.

ඒ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකුත් මෙම අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන්.

මේ අතර මෙම අවස්ථාවට එක් වූ හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ පසුගිය දා අන්ත පරාජයට ලක්  වූ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳවයි.

එහි දී අර්ජුන රණතුංග ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

“ක්‍රීඩා ඇමතිතුමාගෙන් අහගන්න. මම ක්‍රිකට් ගැහුවෙ නෑ. ක්‍රිකට්කාරයෝ වැඩියි දැන්”