දෙවරක් විවාහ වී තුන්වෙනි බිරිඳත් විවාහ කරගන්න ගිය 38 හැවිරිදි ගුරුවරයෙකුට වෙච්ච වැඩේ

දෙවරක් විවාහ වී යළිත් තුන්වන වරට අද විවාහ වීමට ගිය ගුරුවරයෙකුට සිදුවූ අකරතැබ්බයක් වවුනියාවෙන් තොරතුරු වාර්තාවුණා.

38 හැවිරිදි ඔහු වවුනියාව - කල්මඩු ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණියක් සමඟ අද විවාහවීමට සුදානම් වී තිබුණේ ප්‍රදේශයේ කෝවිලකදියි.

එහි පූජා කටයුතු සිදුවන අතරතුර ඔහුගේ පළමු විවාහයේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ එම ස්ථානයට
පැමිණ ඇති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් මතුවුණා.

අනතුරුව විවාහය අතරමග නවතා පාර්ශවයන් තුනම පොලීසියට ගොස් ඇත්තේ ගැටළුව විසඳා ගැනීමටයි.

එහිදී මෙම පුද්ගලයා සඳහන් කර ඇත්තේ පළමු විවාහයෙන් තමන් නීත්‍යානුකුලව වෙන්වී සිටින බවයි.

අනතුරුව දෙවන විවාහය සිදුකරගත් බවත්, ඇයගෙන්ද වෙන්වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගැටළුව හේතුවෙන් අද ඔහු විවාහ කරගැනීමට සිටි තරුණිය එය නවතා දමා ඥාතීන් සමඟ පිටව ගිය බව පොලීසිය ප්‍රකාශ කළා.