ලිංගික චිත්‍රපට තාරකාවක් සහ වෛශ්‍යාවක අතර වෙනස සනි ලියොන් පහදයි - Photos

කරන්ජිට් කෞර් යැයි සඳහන් කළ විට නොදන්නා නමුදු ‘‘සනී ලියොන්“ යැයි කිවහොත් ඒ නම නොදන්නා කෙනෙක් නැත. ඇය ඒ නමින් ඒ තරමටම ජනප්‍රිය චරිතයකි. වසර පහක් පුරාම ඉන්දියානුවන් අන්තර්ජාලය තුළින් වැඩි වශයෙන් සෙවූ චරිතය වූයේ සනී ලියොන්ය. එහෙත් ඇගේ නම ගැන කථා කිරීමට ඉන්දියානුවන් කැමැත්තක් ඇත්තේම නැත. කොටින්ම කිවහොත් ඉන්දියානුවන්ට සනී ලියොන් වහ කදුරු සේය. ඒ පිළිබඳව මෙන්ම තම පුද්ගලික ජීවිතය පිළිබඳවත්
සනී ලියෝන් මෙලෙස අදහස් පළකර තිබුණා.

සනී ලියොන් විසින් 2017 අලුත් අවුරුදු ප්‍රසංගය බැංගලෝර් නගරයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් බොහෝ දෙනාගේ විරෝධය නිසා ඇය විසින් එම ප්‍රසංගය අවලංගු කිරීමට තීරණය කළාය. මේ විරෝධය ඇති වීමට බලපෑ හේතුව වූයේ සනී ලියොන්ගේ ඇඳුම් අඩ නිරුවත් බවට බොහෝ චෝදනා නැගුනි. ඇය මෙම ප්‍රසංගයේදී විනීත අන්දමින් සාරියක් ඇඳ පැමිණෙනවා නම් අපි ඉඩ දෙනවා. එසේ නොමැති නම් කිසිම අවස්ථාවක් නැහැ. සනී ලියොන්ගේ අතීතය ගැනත් අපේ පැහැදීමක් නැතැයි කියමින් මෙම පිරිස් විසින් Manyata Tech Park උද්‍යානයේදී පෝස්ටර් ගිනි තබමින් ඔවුන්ගේ විරෝධය පෙන්වන ලදී. Karnataka Rakshana Vedike Yuva Sene කණ්ඩායමට අයත් ක්‍රියාකාරී පිරිස් විසින් මෙම විරෝධතාවය නගන ලදහ. මේ අතර ප්‍රසංගයේ සංවිධායක සඳහන් කරන්නේ අලුත් අවුරුදු ප්‍රසංගයේදී ඇය නර්තනයක් ඉදිරිපත් කරන්නේ Kannada ගීතයන්ට අනුවයි. බෙංගාල සංස්කෘතියට කිසිම හානියක් නොවන විදිහට අපි මේ සංදර්ශනය සංවිධානය කර තිබෙනවා. සනී ලියොන් මේ සංදර්ශනය වෙනුවෙන් විශාල ලෙස මුදල් ලබා ගත්තෙත් නැහැ. ඇය බෙංගාලයට සහ හයිද්‍රාබාද් නගරයට බොහොම කැමැත්තක් දක්වනවා. මේ විරෝධතාකරුවන්ගේ අරමුණ තමාට අපැහැදිලි බවත් සංවිධායකවරයා සඳහන් කර සිටියේය.

ඇගේ ස්වයංචරිත චිත්‍රපටය වෙනුවෙන් ‘‘කෞර්“ යන නම යෙදීමට පවා විරෝධය එල්ල විය. ඒ වෙනුවෙන් ප්‍රබල ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවේ ප්‍රමුඛ පෙළ සික් සංවිධානයක් වූ ‘‘ශිරෝමණි ගුරුද්වාර ප්‍රබන්ධක්“ කමිටුවයි. මෙම ‘‘කෞර්“ නාමය ඔවුන්ගේ ප්‍රජාවට සුවිශේෂී නිසා සනීගේ රංගන දායකත්වය ලබා දෙන ලිංගිකත්වය වෙනුවෙන් අනන්‍යතාවය ලබා සිටින මෙම චිත්‍රපටය වෙනුවෙන් මෙම නම යොදා ගැනීම පිළිබඳව තරයේ විරෝධය පාන බවයි.
සනී ලියොන් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ මගේ දෙමව්පියන් විසින් මට දුන්න උපත් නාමය එයයි. තවමත් මගේ ගමන් බලපත්‍රයේ තියෙන්නෙත් මේ නමයි. සනී ලියොන් විදිහට මම නම වෙනස් කර ගත්තේ මගේ රංගන කටයුතු වෙනුවෙනුයි. ‘‘බිග් බොස්“ වැනි රියැලිටි ටී.වී. වැඩසටහන් ඔස්සේ සනී ලියොන් නාමය බෙහෙවින්ම සමාජගත වුණේ ලිංගික චිත්‍රපට කර්මාන්තයේ ක්‍රියාකාරිනියක් ලෙසයි.

වාර්තාගත ලෙසින් ලිංගික චිත්‍රපට නරඹන රටක් වන ඉන්දියාව උගුරට හොරා බේත් කන ප්‍රතිපත්තියක සිට තමාගේ ලිංගක රංගන දායකත්වය ගැන මහත් වූ අපවාදයෙන් කතා බහ කරන බවයි ඇය කියන්නේ. ඔවුන්ට නරඹන්න බාධාවක් නැහැ. ඒත් ලිංගිකත්වය නිෂ්පාදනය සහ බෙදාහැරීම ගැන කථා කරන්නේ මහත් සේ හිරිකිත විදිහටයි.

බී.බී.සී. දිල්ලි කාර්යාංශයේ කාන්තා කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනී දිව්‍යා ආර්යා ඇගෙන් විමසා සිටියේ එසේ නම් ඔබගේ අදහසට අනුව ඉන්දියාවේ ලිංගික චිත්‍රපට තහනම් කළ යුතුද යන්නයි. ඒ ගැන අදහස් ඉදිරිපත් කරමින් ඇය කියා සිටියේ එය මා විසින් ගත යුතු තීරණයක් නොවන බවයි.

ඇමරිකාව තුළ සනී ලියොන් වෙනුවෙන් ඇති ප්‍රතිචාර ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ ලිංගික චිත්‍රපට වෙනුවෙන් පෙනී සිටිනවාට මගේ දෙමව්පියන්වත් කැමැති වුණේ නැහැ. ඒ වුණත් මම ඒ වෙලාවේ කියා සිටියේ මම ස්වාධීන චරිතයක්. ඒ නිසාම මට අවශ්‍ය විදිහට මම හැසිරෙන්න අවශ්‍ය බවයි. හැම පවුලකින්ම දරුවන්ට ගුරුහරුකම් ලැබෙනවා. මම ඒවාට ගරු කරනවා. නමුත් මට අවශ්‍ය වුණේ මගේ ජීවිතයේ තීන්දු තීරණ මට අවශ්‍ය විදිහට ගැනීමටයි. මගේ කැමැත්ත තවත් කෙනෙකුට බලපෑමක් විය යුතු නැහැ.

අන්තර්ජාල වැඩසටහනක පූර්ව ප්‍රචාරක පටයකදී සනී ලියොන් ගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ‘‘ලිංගික චිත්‍රපට තාරකාවක් සහ වෛශ්‍යාවක අතර තිබෙන වෙනස කුමක්ද යන්නයි. සැනින්ම ඇගේ පිළිතුර වූයේ ධෛර්යය බවයි.

පසුව මේ ගැන අදහස් දක්වමින් ඇය බී.බී.සී දිල්ලි කාර්යාංශයේ කාන්තා කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනී දිව්‍යා ආර්යා සමග කියා සිටියේ ඒ මාධ්‍යවේදියා මාව ඉතාම අපහසුතාවයට පත් කළා. මිනිසුන් තුළ කුතුහලය තිබෙන නමුත් ඒ කුතුහලය ඉදිරියට රැගෙන යන්න මට උදව් වෙන්න සිදුවුණා. ඒත් එය හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. සනී ලියොන් සඳහන් කළාය.

ඇත්තටම මිනිසුන්ට කථා කිරීමට නිමිති දුන්නේ මම. මගේ අතීතය ගැන ඔවුන් ඉතාම රසවත්ව කතා කරනවා. මම මට අවංකයි. ඒ නිසාම මට අවශ්‍ය වෙලාවක වෙනස් වෙන්න මට පුළුවනි.

අතීත රැකියාව පිළිබඳව දරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට සනී ලියොන් කැමැත්තක් නොදැක්වූයේ මේ වෙන විටත් ඇය ගැන ලෝකයා මවා ගෙන තිබෙන සිතුවම බිඳ දමා වෙනත් ලෝකයක් දරුවන්ට පෙන්වීම පහසු කාර්යක් නොවන බවයි. ඇයට තමාගේම දරුවන් ඇති අතර එක් දියණියක් හදා වඩා ගන්නීය. ඊට අමතරව වෙනත් පිළිසිඳ ගැනීම්වලින් පුතුන් දෙදෙනෙක් සිටී. දරුවන්ට තමාගේ අතීතය දැනගැනීම මුල් කර ගෙන වූ පැනට එතරම් ප්‍රසන්නතාවයක් නොවුණත් ඔවුන්ගේ අනාගතය ගැන තීරණ ගැනීමට ඔබගෙන් ලැබෙන සහයෝගය ගැන විමසා සිටියදී සනී කියා සිටියේ” ඔවුන්ට අවශ්‍ය ගමන්මග ඔවුන්ට විවෘතයි. එය අඟහරු ලෝකයට වෙන්න පුළුවනි. ඒත් මගෙන් බාධාවක් නැහැ යන්නයි. ඒ වගේම මගේ අතීතයත් එතකොට ඔවුන් දැනගනීවි.

ඇය කොන්ඩම් වර්ගයක සන්නාම තානාපතිනිය වන අතර තමාගේම සුවඳ විලවුන් සන්නාමයක් දියත් කළාය. එයට ලබා දී තිබූ නමේ අර්ථය රාගය යන්නයි.

මේ වෙළෙඳ සන්නාමය නිසා ඔබ සමග බැඳී තිබෙන රාග චරිතය තවත් ඉදිරියට යනවා නොවේදැයි විමසූ විට සනී ලියොන් ඒ වෙනුවෙන් පිළිතුරු දෙමින් කියා සිටියේ තරුණ වයසකදී සුවඳ විලවුන් නිෂ්පාදනයක් එළි දක්වන්න ලැබුණාම මේ වගේ නමක් කල්පනා වීම අරුමයක් නොවන බව සඳහන් කරමින් ඇය තර්කයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ වෙනත් සුවඳ විලවුන් සන්නාමත් මේ අදහසට සමාන නමුත් ඒවා ගැන කතා බහ නොකරන්නේ ඇයි ද යන්නයි.