කාන්තාවකට උන්හිටි තැන් අමතක කළ වැසිකිළියට ආ අමුත්තා මෙන්න - Photos

නාන කාමර භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරන පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

ඒ නාන කාමරයක වැසිකිළියක් තුළ සර්පයෙකු සිටි පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වීමයි.

කාන්තාවක් නාන කාමරය තුළට ආ අවස්ථාවේ ඇය එහි සිටි සර්පයෙකු දැක තිබුණා.

සර්පයින් අල්ලා වෙනත් ප්‍රදේශවලට මුදාහරින
පුද්ගලයෙකුට ඉන්පසු ඇය දුරකථන ඇමතුමක් ලබා දීමට කටයුතු කර ඇති අතර ඇය පවසා තිබුණේ තමන් විශාල නාගයෙක් නාන කාමරය තුළ දී දුටු බවයි.

එම සර්පයාගේ සිරුරෙන් වැඩි කොටසක් වැසිකිලියේ අපවහන නළයෙන් වැසී තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වියළි කාලවලදී සර්පයින් වැඩි වශයෙන් වැසිකිළිවලදී සහ නානකාමර තුළදී දැක ගැනීමට හැකියාව ලැබෙන බවත් වාර්තා වනවා.

මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව තම ෆේස්බුක් ගිණුම තුළ සටහනක් තබමින් පවසා තිබුණේ සෑම විටම වැසිකිළියේ වාඩි වීමට පෙර සර්පයින් සිටීදැයි පරීක්ෂා කරන ලෙසයි.