gossip lanka

"මෙහෙම කන ජනාධිපතිවරයෙක් දැක්කාමයි" ජනපති මෛත්‍රී කන හැටි දුටු ඇමති පුදුම වෙයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා පසුගිය ඉරිදා පෙරවරුවේ ගාල්ලට පැමිණියේ දීප ව්‍යාප්ත වෙරළ පවිත්‍රතා වැඩසටහනට හා සමුද්‍ර ආරක්ෂක කලාපීය දිස්ත්‍රික් කාර්යාලය  හා පරීක්ෂණගාරය විවෘත කිරීමටය. එහිදි සිදුවූ අපූරූ සිදුවීමක් වාර්තා වේ.

ජනපති මෛත්‍රී ගාල්ලට පැමිණියේ කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ නායක පදවි ප්‍රාප්ත උත්සවයකට සහභාගීවීමෙන් පසුවය. ඔහු රැගත් හෙලිකොප්ටරය
දඩල්ල ක්‍රීඩාංගණයට එන විට දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා එහි පැමිණ සිටියේය.

ශාන් තමන්ගේ වාහනයට නංවාගත් මෛත්‍රී උත්සවයට යාමට පෙර යා යුතු තැනක් ගැන සිහිපත් කළේය.

“මම තවම උදේට කාලා නෑ. සුමංගල හාමුදුරුවන්ගේ වැඩේට ගිය නිසා කන්නත් බැරිවුණා. ඒ නිසා කෑම ටිකක් කන්න යමු” යැයි කී මෛත්‍රී ඔහුගේ කැරවන් රථයට ගොඩවූවේය. එවිට මෛත්‍රීගේ ආරක්ෂක නිලධාරියෙක් පැමිණ කෑම පාර්සලයක් මෛත්‍රී අත තැබුවේය.

“සර් මේ මොකක්ද” ශාන් පුදුමයෙන් මෙන් මෛත්‍රීගේ කෑම පාර්සලය දෙස බැලුවේය.

“ඇයි ශාන් පුදුම වෙලා. මම හැමදාම මෙහෙම තමයි. මම කොහේ ගියත් ගෙදරින් හදලා දෙන කෑම එක තමයි කන්නේ” මෛත්‍රී, ශාන්ගේ සැකය දුරු කළේය

“මම කලින් ඔය කතාව අහලා තිබුණා. සර් ඔෆිස් එකට ගෙදරින් කෑම ගෙනැත් කනවා මම දැකලා තියෙනවා. ඒත් මෙහෙම එළියට යනකොටත් කෑම අරගෙන යනවා දැක්කමයි” ශාන් කීය.


- nethgossip
gossip lanka