මිස්‌ කෝල් එකෙන් පටන්ගත් ප්‍රේමයෙන් පාසල් සිසුවියක අඹුකමට ගත් හමුදා සෙබළා

මගහැරුණ දුරකථන ඇමතුමක්‌ අනුව (මිස්‌ කෝල්) ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක්‌ මත අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සිට මොනරාගලට පැමිණි යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි සෙබළකු අවුරුදු 15 මාස 11 වයසැති බාලවයස්‌කාර පාසල් දැරියක්‌ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට රැගෙන ගොස්‌ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක්‌
දඹගල්ල පොලිසියෙන් වාර්තා වෙයි.

සිද්ධිය වාර්තා වෙන අන්දමට මෙසේය,

මගහැරුණ දුරකථන ඇමතුමකට අනුව යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි 27 හැවිරිදි සෙබළා අදාළ පාසල් දැරිය සමග ගොඩනඟාත් මිතුරුදම මාස 3 ක්‌ පමණ ගත වන විට ප්‍රේම සම්බන්ධයක්‌ දක්‌වා දුර දිග ගියේය. ඉන්පසු දෙදෙනා කතාකරගත් පරිදි ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ සිට පැමිණි හමුදා සෙබළා මොනරාගල ප්‍රදේශයට පැමිණ ඉකුත් සැප්තැම්බර් මස 02 දින අලුයම 5.00 ට පමණ දෙමාපියන්ට හොර රහසේ එම දැරියව රැගෙන පලාගොස්‌ ඇත. මෙම ගමනට තවත් හමුදා සෙබළෙක්‌ ද සහයට පැමිණ ඇති අතර එම සෙබළා ද තවත් තරුණියක්‌ රැගෙන සිවුදෙනාම කණ්‌ඩායමක්‌ වශයෙන් මොනරාගල නගරයේ සිට වැල්ලවාය හරහා කතරගමට ගොස්‌ මැණික්‌ ගඟෙන් දිය නෑමෙන් පසු එදින කතරගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහිදී බාලවයස්‌කාර පාසල් දැරිය හමුදා සෙබළා අතින් දූෂණයට ලක්‌වී ඇත.

 ඉන්පසු සැප්තැම්බර් මස 03 දින මෙම සෙබළා දැරිය සමග අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස්‌ ඇත. පාසල් දැරියගේ දෙමාපියන් විසින් සොයාගත් තොරතුරුවලට අනුව ගලෙන්බිඳුනුවැව පොලිසියට ගොස්‌ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇත. පසුව පොලිසිය විසින් සැකකාර සෙබළාගේ නිවසට යන විට දැරිය සහ සෙබළා එම නිවසේ සිට ඇත.

 හමුදාවෙන් පලා ආ චෝදනාව යටතේ පොලිසිය විසින් සැකකාර සෙබළාව අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර සෙබළා විවාහකයකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

gossip lanka