ගෙදරින් අතුරුදන් බව කී දියණිය ලොකු දුවගේ සැමියා අරගෙන ගිහින්!

හත ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 12 යි මාස 04 ක්‌ වූ තම දියණිය නිවසින් අතුරුදන්ව ඇති බවට පැමිණිලි කර ඇති මවක්‌ දින දහයකට පමණ පසුව නැවත මාදම්පේ පොලිසියට පැමිණ තම ලොකු දුවගේ සැමියා බාලවයස්‌කාර දියණිය රැගෙන ගොස්‌ ඇති බවට පැමිණිලි කර තිබෙනවා.

කුඩා බිංගිරිය පනිරෙන්ඩාව පදිංචි එම කාන්තාව තම බාලවයස්‌කාර දියණිය පසුගිය 02 වැනිදා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යන බව පවසා තම මල්ලිගේ දියණිය සමග උදේ 7.30 ට පමණ පිටව ගිය බවත් උදේ 9.00 ට පමණ මල්ලිගේ දියණිය පැමිණ තම දුව ඉදලක්‌
ගෙන ඒමට යන බව කියා පාසලෙන් පිටව ගිය බව පැවසූ බවත් ඇය පා ගමනින් මැදගම දෙසට යන බව දැනගන්නට ලැබුණු බවත් පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.

දැරිය අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කරමින් තිබියදී පැමිණිලිකාරිය පසුගිය 12 දා මාදම්පේ පොලිසියට පැමිණ නැවත පැමිණිලි කරමින් පවසා ඇත්තේ තම බාල දියණිය ලොකු දුවගේ සැමියා විසින් රැගෙන ගොස්‌ ඇති බවටයි තොරතුරු ලැබී ඇති බවයි.

ලොකු දුව හා ඇගේ සැමියා පදිංචිව සිටියේද තම නිවසේ බවත් ඔහු තම බාල දියණියට වැඩි සැලකිල්ලක්‌ තිබුණ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වී ඇති අතර දැරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.