Rafiki : සමරිසි චිත්‍රපටය දින 07ක් පෙන්වීමට අධිකරණ නියෝගයක් (video)

තරුණියන් දෙදෙනෙකු ගේ සමලිංගික ජීවිතය ගැන කියවෙන කෙන්යානු චිත්‍රපටයක් වන "Rafiki" සදහා පනවා තිබු තහනම් නියෝගය තාවකාලිකව ඉවත් කිරීමට එරට අධිකරණය නියෝග කර ඇත.

එම අධිකරණ නියෝගයට අනුව වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් ලෙස සතියක කාලයක්
මෙම චිත්‍රපටය කෙන්යාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර හිමිව තිබේ.

කෙන්යාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපයට ප්‍රදර්ශනය තහනම් කරමින් නියෝගයක් පැනවු අතර එයට හේතුව වුයේ කෙන්යාව සමලිංගිකත්වය එරට නිතිය යටතේ තහනම් බැවිනි.

රැඟුම් පාලක මණ්ඩලයේ නියෝගය අභියෝගයට ලක් කරමින් එහි අධ්‍යක්ෂක Wanuri Kahiu අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබිය.

මෙම චිත්‍රපටය සතියක කාලයක් කෙන්යාවේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබීම නිසා ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට අවස්ථාව හිමිව ඇත.

විදෙස් භාෂාවන් යටතේ ඉදිරිපත් කරනු ලබන චිත්‍රපට ඛාණ්ඩයට මෙම චිත්‍රපටය ඇතුලත් වීමට ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම චිත්‍රපටය ඊයේ (23) සිට ලබන 29 දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්‍රදර්ශනය සිදුකරන බවට එහි අධ්‍යක්ෂක Wanuri Kahiu සදහන් කරයි.

(නෙත් නිව්ස්)

වීඩියෝ

gossip lanka