ඇමරිකාවෙන් සැමියකු සොයාගන්න කලින් ප්‍රියංකා චොප්රා ඉන්දියාවේදී සුපිරි නළුවන් සමග හොරෙන් පවුල් කෑ හැටි හෙළි වෙයි

ප්‍රියංකා චොප්රා කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය චරිතයක්. ඇය ඇමරිකාවේ ජනප්‍රිය චරිතයක් වන Nick Jonas එක්ක විවාහ ගිවිසගෙන ඉන්නේ කියන කාරණාව වගේම හෙට අනිද්දාම විවාහ මංගල උත්සවයත් ගන්නවා කියන එක බොහෝ දෙනෙක් දන්නවා. නමුත් ඇය මේ විවාහයට පෙර අතිශය ජනප්‍රිය තරු කිහිපයක් එක්ක රහසේම ප්‍රේම කරා කියලා විදෙස් මාධ්‍ය දැන් වාර්තා කර තිබෙනවා.

ඇයගේ ජනප්‍රිය ප්‍රේමවන්තයින් ලැයිස්තුව තමයි මේ.
ඇය රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වෙන්න පටන් ගද්දිම ප්‍රියංකාගේ හිත මුලින්ම නතර වන්නේ ඉන්දියානු නළුවෙක් වන Aseem Merchant ලග. ඒ තමයි ප්‍රියංකාගේ ප්‍රථම ප්‍රේමය. මුල්ම නිර්මාණයෙන් දෙන්නා දැනහදුනා ගෙන ආදරේ කළා කියලා සදහන් වෙනවා.

ඒ වගේම ඔහු දැන් විවාහකයෙක් වගේම දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. කොහොම නමුත් මොවුන් හැමෝටම රහසින් ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගියා කියලයි කියන්නේ.
ඔහුගෙන් වෙන් වෙන ප්‍රියංකා ඊළගට ආදරේ කරන්නේ  Akshay Kumar ට. අතිශයින් ජනප්‍රිය  Akshay Kumar ඒ වනවිටත් Twinkle Khanna එක්ක විවාහ වෙලා හිටියේ. ඒත් මේ දෙන්නා රිදී තිරයේ පෙම්වතුන් වුනා වගේම සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් වෙනවා. කෙටි කලක් යන්න කලින්ම මේ දෙන්නාගේ ප්‍රේමය ගැන Twinkle Khanna දැන ගන්නවා. ඇය ඔහුගේ ආදරණිය සැමියාට තදින් අවවාද කර තිබෙන අතර ප්‍රියංකා සමග ආයෙමත් එකට රගපෑම තහනම් කිරීමත් විශේෂත්වයක් වුණා. ඒත් එක්කම දෙන්නගේ ප්‍රේම සම්බන්ධතාවය බිද වැටුනා කියලයි සදහන් වෙන්නේ.

ඔහුගෙන් වෙන් වුනු ප්‍රියංකා ඊළගට ආදරේ කරන්නේ කවුරුවත්ම විශ්වාස කරන්නේ නැති චරිතයක් එක්ක. ඒතමයි  Shah Rukh Khan ඉන්දියාවම ඔහුට ගරු කරනවා. ඒ වගේම ඔහුව තදින් විශ්වාස කරනවා ඔහු ගෞරි එක්ක හොද පවුල් ජිවිතයක් ගත කරනවා කියලා. නමුත් ඔහු ප්‍රියංකා එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නේ ගෞරි එක්ක විවාහ වෙලා ඉන්නකොටයි. මිට වසර 5ට පෙර තමයි මේ දෙන්නා අතර සම්බන්ධයක් පටන් ගන්නේ. ප්‍රියංකා ඒ දෙන්නාගේ ඡයා රූපයක් Twitter මුදා හරිමින් ඉගියක් පවා දී තිබෙනවා. ඒ වගේම ශාරුක් ප්‍රියංකාට ආදරේ බවට සංකේත කරන්න නිරන්තරයෙන්ම කළු ජැකට් එකක් ඇන්දා කියලත් කියනවා. නමුත් කෙටි කලකින් මේ දෙන්නගේ රහසිගත ප්‍රේමය නිම වෙනවා.

Shahid Kapoor ගේ හිත ගන්න ප්‍රියංකා ඒ සම්බන්ධය ගැන වසන් කරන්න උත්සහ කරන්නේ නැත්තේ ඇය ඔහුව විවාහ කරගැනීමේ අරමුණින් ආරම්භ කල ප්‍රේමයක් නිසයි. නමුත් ඒ ආදරයත් කෙටි කලකින් අවසන් වෙන්නේ Harman Baweja සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ වීමත් එක්ක කියලයි කියන්නේ. නමුත් අවසානයේ ඔහුගේ ප්‍රේමයත් ඇයට අහිමි වෙනවා. ඉන් පසුව කිහිප දෙනෙක් සමග කාලෙන් කාලෙට ආදරේ හොයාගත්ත ප්‍රියංකා අවසානයේ විවාහ වෙන්නේ ඇමරිකානු ගායකයෙක් වගේම නළුවෙක් එක්ක.