ලෝකයම ආදරය කළ රජ කුමරිය ඩයනා මිය යන විට ගැබිණියක්ද ? වෛද්‍යවරයා හෙළි කරන ඇත්ත - Photos

ලෝකයම වසගයට ගත් රෝස කුසුම ඩයනා කුමරිය අනතුරකින් මිය ගොස් වසර 21ක් ගතව තිබුනත් ඇයගේ මතකයන් තවමත් එහෙමමයි. ඒ වගේම මිය ගියේ කුමන හේතුවකිද යන්න තවමත් බ්‍රිතාන්‍යයේ ජනතාවට පමණක් නෙමෙයි ලෝකයටම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න කිරීම් අස්සේ ඊයේ බ්‍රිතාන්‍යයේ තවත් ප්‍රවෘතියක් මැවෙනවා ඩයනා අනතුරකින් මිය යද්දී ගැබ් වෙන සිටි
බවට. ඒ දරුවා ඇයගේ පෙම්වතා වූ Dodi Fayedගේ බවටයි රාවය පැතිර තිබෙන්නේ.

වර්ෂ 1997 සිදු වූ අනතුරෙන් එම දෙදෙනාම මිය ගිය අතර එදත් අදත් ඩයනා කුමරියට ආදරය කරන ජනතාවගේ ප්‍රශ්නය වුනේ ඇය මිය යද්දී ගැබ්ගෙන සිටියාද යන්නයි.

මුස්ලිම් පෙම්වතාගේ දරුවා බිහි කිරීම රාජකීය පවුලට අවමානයක් නිසා එම පුවත දැනගත් පසුව අනතුර හිතාමතා කළා යන්නයි ජනතාව කියන්නේ, කොහොම නමුත් මේ කතා බහ යලිත් මතුව තිබෙන්නේ හැරී කුමරුගේ ආදරණිය බිරිද මේගන් ගැබ් ගත්තා කියන පුවතත් එක්ක කියලයි කියන්නේ.

ඒ වගේම 33 හැවිරිදි හැරී කුමරු හා 36 හැවිරිදි විලියම් කුමරු වගේම ඩයනා හා  ඩයානාගේ පෙම්වතාගෙන් පිලිසිදගත් දරුවා ජිවත් වුවා නම් දැන් තරුණ දරුවෙක් බවත් කියනවා. කොහොම නමුත් තවමත් ඩයනා මිය යද්දී ගැබ් ගෙන සිටියාද යන්න නිශ්චිතවම තොරතුරක් මාධ්‍යට පවසන්නේ නැහැ. රාජකීය පවුලේ වෛද්‍යවරයා වූ Dr Richard කියන්නේ තමන්ගෙන් ජනතාව ඒ ගැන නිරන්තරයෙන් ප්‍රශ්න කරන බවයි.