gossip lanka

විවාහ වී දින දෙකයි - බිරිඳට හොරෙන් ගංජා උරන්න ගොස් පොලීසියට කොටුවූ සැමියා බිරිඳට නොකියන ලෙස වැඳ වැටෙයි

විවාහයෙන් දින දෙකකට පසු ගංජා ළඟ තබා ගෙන පොලිසියට කොටු වූ පුද්ගලයකු පිළිබඳව කැලණිය පොලිසියෙන් වාර්ථාවේ.

 සිය විවාහක බිරිඳ නිවසට කැන්දාගෙන විත් දෙවැනි දිනයේ මෙලෙස පොලිසියට කොටු වූ ඔහු ගංජා පානයට තදින්ම ඇබ්බැහිව සිට ඇත.

 විවාහයට පෙර ගංජාලෝලියෙකු ලෙස නිදහසේ ගංජා පානය කර ඇති ඔහු බිරිඳ නිවසට කැන්දා ගෙන
ඒමෙන් පසුව ද පුරුද්ද අත්හැර ගැනීමට නොහැකි වීම නිසා බිරිඳට හොර රහසේ ගංජා ඉරීමට ගොස් මෙලෙස පොලිසියට කොටුවී ඇත.

 තමන් ගංජා ළඟ තබා ගැනීමේ වරදට පොලිස් අත්අඩංගුවට ගත් බව සිය බිරිඳට නොකියන ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලීමක් ද කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත නිදහස් කර ඇති අතර 27 වනදා යළි අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.




gossip lanka