14 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් ලැබුණු දේ

14 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනය කළ සිද්ධියක වැරදිකාරයෙකු වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔක්තෝබර් 03දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙසේ බන්ධනාගාර ගතකොට ඇත්තේ මාතලේ පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 25දා පොලිසියට ලැබුණූ තොරතුරක් මතයි
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ ඇත්තේ මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14 පිරිමි දරුවෙක් වන අතර දරුවාගේ පියා ආබාධිත අයකු නිසා දරුවා නිවෙසේ තනිව සිටියදී අදාළ පොලිස් කොස්තාපල්වරයා නිවසට ඇතුල් වී දරුවාව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.