අවුරුදු හතේදී සුළු පියාගෙන් අපහරණයට ලක් වී අවුරුදු 16දී යළිත් දුෂණය වූ හැටි ඇමරිකාව හෙල්ලූ ඉන්දීය නිවේදිකාව සංවේදී වෙමින් හෙළි කරයි - Photos

Padma Lakshmi කියන්නේ ඇමරිකානු ගත්කතුවරියක්. ඒ වගේම නිවේදිකාවක්, නිරුපන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක්. ඉන්දියාවේ උපන්නත් ඇය ජිවත් වෙන්නේ ඇමරිකාවේ. ඒ නිසා ඇයගේ පුරවැසිභාවය ඇමරිකාවේ. ඇයගේ වයස අවුරුදු 48 යි. Salman Rushdie කියන්නේ ඇයගේ හිටපු සැමියා. වයස අවුරුදු 71යි. මේ දෙන්නා විවාහ වෙන්නේ වර්ෂ 2004 වර්ෂයේ. ඔවුන්ගේ විවාහය වර්ෂ තුනකට පමණක් සිමා වෙනවා. 2007 වර්ෂයේ දික්කසාද වෙන මොවුන් වෙන් වෙන් වශයෙන් ජිවත් වෙනවා. පද්මා දැන් විශේෂයෙන් මාධ්‍යට හෙළි
දරව්වක් කරනවා. ඒ ඇය ඇයට අවුරුදු 16 දී දුෂණයට ලක් වන කතාවක් ගැන. ඒ වගේම ඇයගේ වයස අවුරුදු 7දී ඇය ලිංගික අපහරණයට ලක් වූ බවත් කියනවා.

ඇය මුලින්ම දුෂණය වෙන්නේ Los Angeles වල අමතර රැකියාවකට යන අතරතුරදී බවත් ඒ තමන්ගේ 23 හැවිරිදි කඩවසම් පෙම්වතා අතින් බවත් කියනවා. ප්‍රථම ලිංගික අත්දැකීම ගැන ඇයට එතරම් කැමැත්තක් නොතිබුනත් දුෂණයට ලක් වූ දැරියක් නිසා පසුව නිරන්තරයෙන්ම තම පෙම්වතා එක්ක ලිංගිකව එකතු වූ බව කියනවා. ඒ වගේම ඇය මෙහෙම කතාවක් කියනවා.

"මම එතකොට ඉගෙන ගන්නවා. මාව දුෂණයට ලක් වූ දවසේ එයා වාහනේ නතර කරලා අපේ ගෙදර ඇවිත් අම්මා එක්ක කතා කළා. ඔහු ඒ වෙනකොටත් දන්නවා මාව ඔහු දුෂණය කළා. ඔහු අතින් තමයි මගේ කන්‍යාභාවය නැති වුනේ කියලා. නමුත් ඒ කිසිවක් නොකියා හිටියා. දවස් ගෙවුනා. මගේ හිතත් නිරන්තරයෙන්ම ඔහු එක්ක ලිංගිකව එකතු වෙන්න කැමති වුනා. දවසක් ඔහු ඔහුගේ  ගෙදර මාවත් එක්කගෙන ගියා.  කිසි කෙනෙක් හිටියේ නැහැ. අපි ලිංගිකව එකතු වෙලා මම ටිකක් ඇදේ ඇලවුනා. ඇස් ඇරලා බලනකොට ඔහු මගේ කකුල් ලග පිහියක් තියාගෙන හිටියා. මගේ වාසනාවට මම ඇහැරුනා. මම ඇහුවා මොකද කරන්නේ කියලා. ඔහු කීවා මට ඔයාව ටිකක් රිද්දන්න ආසයි කියලා. මම නිහඩව හිටියා. ඒ වගේම මට වයස අවුරුදු 7 දී මම අපහරණයට ලක් වෙන්නේ මගේ සීයාගෙන්. ඔහු නිරන්තරයෙන්ම මගේ ශරීරය ඕනවට වඩා අල්ලනවා. මගේ යට ඇදුම් ගලවලා අල්ලනවා. මට තේරුනා නරක දෙයක් වෙන්නේ කියලා. මම මගේ අම්මාට ටික කාලයක් ගියාට පස්සේ කිව්වා. නමුත් ඇය ගණන් ගත්තේ නැහැ. ඒ වගේම මගේ සුළු පියා හා ඔහුගේ නෑදෑ පිරිමි ළමයෙක් අතිනුත් මම අවුරුදු 7 දී අපහරණයට ලක් වෙනවා..."

එහෙම කියන ඇය විවාහයෙන් පසුව ජනප්‍රිය තරු රැසක් සමග හොර රහසේ ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන ගොස් තිබෙන අතර ඉන් එක පෙම්වතෙක් ලෙස 69 හැවිරිදි Richard Gere නමැති ජනප්‍රිය ඇමරිකානු රංගන ශිල්පියාව පෙන්වා දෙනවා.