මම 2018 Best Model පැජන්ට් එකටත් තරග කරනවා

අද වෙද්දී ලංකාවේ නිරූපණය ක්ෂේත්‍රයට බොහෝ දෙනෙක් එකතු වෙලා තියෙනවා. තරගකාරිත්වයක් තියෙන මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් අයට නම් තියෙන්නේ ධනාත්මක ආකල්පයක් නම් නෙමෙයි. කොහොම හරි තමන්ගේ උනන්දුවෙන් නිරූපණය තුළන් ඉදිරියට යන්න වෙර දරන කෙනෙකු විදිහට නිස්සංක උදයංග හඳුන්වන්න පුළුවන්. ඉතිං නිස්සංඛ උදයංග  අපිත් එක්ක මෙහෙම එකතු වුණා.

මුලින්ම ඔයා හඳුන්වා දුන්නොත්?

මම නිස්සංඛ උදයංග වනිගසේකර. වයස අවුරුදු
25යි. මම ඉන්නේ මහරගම. මම දැනට නිරූපණ කටයුතු කරනවා.

මොඩලින් කරන්න පටන් ගත්තේ කොයි කාලෙද?

2014 ඉඳලා

ඇයි මොඩලින් කරන්නේ?

නිරූපණය කියන්නේ මගේ පැෂන් එක. මම හිතනවා මට ඒකට හැකියාවක් තියෙනවා කියලා.

Male Model කෙනෙකුට ලංකාවේ තිබෙන පිළිගැනීම කොහොමද?

ඇත්තම කියනවා නම් ගර්ල් කෙනෙකුට ඉස්සරහට එන්න ඉක්මනට පුළුවන්. අපි හරි විදිහට හොඳ වැඩක් කරලත් මොඩල් කරලා ඉදිරියට එන්න ටිකක් අමාරුයි. ඒත් තමන්ගේ තැනත් එක්ක හරියට හිටියොත් ඉක්මනට එනවට වඩා හොඳ නමක් තියාගෙන නිරූපණය පැත්තෙන් ඉදිරියට එන්න පුළුවන් කියලා මම හිතනවා.

ලංකාවේ නිරූපණය පමණක් වෘත්තිය විදිහට කරන්න පුළුවන්ද?

ඇත්තෙන්ම බැහැ. නිරූපණය කරන්න ගොඩක් මුදල් ඕනේ අපේ වියදම් හරි දරන්න. ලංකාවේ නිරූපණ වැඩ දැන් බාල්දු කරන නිසා ඒ වෘත්තිය හරියට කරන කෙනෙකුට වැඩකට හරි ගානක් කතා කරගන්න අමාරුයි. මොකද කියනවා නම් වැඩ කරද්දී ඕනෙම කෙනෙක් බලන්නේ ඒ වැඩ අඩුවට කර ගන්න. කිසිම දෙයක් දන්නේ නැති නිරූපණ ශිල්පීන් නිකං වැඩ කරද්දී හරියට වෘත්තියක් විදිහට කරන, හරියට නිරූපණය පිළිබඳ හදාරපු කෙනෙකුට තියෙන තැනත් ඒකෙන් නැති වෙනවා.

මේ දේවල් නිසා ක්ෂේත්‍රය පිළිබඳ එපා වීමක්, කලකිරීමක් නැද්ද?

වෙලාවකට ලොකු කලකිරීමක් එනවා. ඒත් එන ඕනම අභියෝගයකට මම මුහුණ දෙනවා හරි විදිහට. එපා වුණත් ඉදිරියට යනවා.

දැනට නිරූපණයෙන් දායක වෙලා තියෙන වැඩ ගැන කිව්වොත්?

මම මුලින්ම කළේ ෆොටෝ ෂූට්. පස්සේ තමයි පැජන්ට් වලට ගියේ. මම 2018 Best Model පැජන්ට් එකටත් තරග කරනවා. දිනුම පැරදුම දෙකම බලාපොරොත්තු වෙනවා. මොකද අපිට ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනේ. වැඩක් කරද්දී ගොඩක් ෆොටෝ ෂූට් කරා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලටත් දායක වුණා. ඒවත් එක්ක තව ඉස්සරහට ඩ්‍රාමා පැත්තටත් යන්න ලොකු ආශාවක් තියෙනවා. කරන්න පුළුවන් හැමදේම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

නිරූපණ වැඩත් එක්ක ඉදිරියේදී වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය වගේ ගොඩක් වැඩ කරන්න ඉන්නේ. ඒවත් එක්ක මගේ අනාගතය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හරි විදිහට ගමනක් යන්න මම වැඩකටයුතු කරමින් ඉන්නවා.

උදව් පිරිස ගැන කතා කළොත්?

නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් දෙනෙක් ඉන්නවා. මට වචනයකින් හරි උදවු කරපු හැම කෙනෙකුටම මම ගොඩක් සතුටින් ස්තුති කරනවා. විශේෂයෙන්ම මගේ ගෙදර අම්මා, අක්කා, අයියලා සමිත තාරෝ, මගේ නෑදෑයෝ, යාළුවෝ මාව වැඩ වලට දීපු හැමෝටම, මම රැකියාව කරපු තැන, මගේ හැම යාළුවෙකුම මට ඉදිරියටම යන්න සුබපතපු හැමෝම, ඒ වගේම FB එකේ ලයික් කමෙන්ට් දාපු මගේ ෆොටෝස් අගේ කරන, මගේ වැඩ අගේ කරන, ගොඩක් දිරිය දීපූ දන්න නොදන්න හැම කෙනෙකුටම මම ගොඩක් ස්තුති කරනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත