gossip lanka

ලොකු පුතා මරා හිරේ ගිය තාත්තා කරන්ට් එක දාලා පොඩි පුතාවත් මරලා!

මාතර පොලිස් කොට්ඨාසයේ මාතර වල්ගම කනත්තගොඩ ප‍්‍රදේශයේ 25 වන දින රාත‍්‍රියේ දී විදුලි සර වැදී පුද්ගලයෙක් වැටී සිටි බව පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලැබිණි ඒ අනුව, වහා ක‍්‍රියාත්මක වූ මාතර පොලිස් ජංගම සේවා නිලධාරි අදාළ ස්ථානයට ගොස් ඇත. මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පොලිසිය පවසයි.

මරණකරු වල්ගම කනත්තගොඩ 30 හැවිරිදි උදාර මධුසංඛ නමැති අයෙකි. සැකකරු මධුසංඛගේ පියා (තාත්තා) බවට කරුණු හෙළි වී ඇත.

හෙතෙම මිනී මැරීමේ චෝදනව යටතේ මෙයට වසර 8 කට පෙර බන්ධනාගරගතව සිටි අයෙකි. ඒ මිය
ගොස් ඇති පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට පිහියෙන් ඇන මරා දැමීම නිසා බව පොලිසිය පවසයි.

මේ නිසා වසර 07 ක කාලයක් බන්ධනාගාරයේ සිට නිදහස්ව ආ මේ නරුම තාත්තා මේ ආකාරයට තම දෙවන පුතා ද සැලසුම් සහගතව විදුලි උගුලකට හසුකර ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සිය පුතා සමඟ කලක සිට ආරවුලක් ඇති කරගෙන සිටි පියා සිය නිවසේ විදුලි රැුහැන් යොදා විදුලිය කම්බි යොදවා මර උගුලක් සකස්කර තිබී ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. සැකකරු වන මරණකරුගේ තාත්තා මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර පොලිසිය පරික්ෂණ පවත්වයි.

බෝගහගොඩ - ඒ.ඩබ්ලිව්. ඒ. නිමල්

gossip lanka