මව සහ දුව මුලාකළ අනංගයා දුවට කළ නරුම වැඩේ මවට පෙන්වා කළ දේ !

ධර්මලතා ටීචර් වැල්ලව පැත්තේ විදුහලක දක්‍ෂ ගුරුතුමියක්‌, කලකට ඉස්‌සර විවාහක සැමියා සමග ඇතිකර ගත් ආරවුලක්‌ නිසා දැන් ඇය ඇගේ දියණියත් සමගයි ජීවත් වන්නේ. මැදිවියට ආසන්න වුවත් ඇය තවම හැඩකාරයි.

පාරේ යන එන ගමන් ධර්මලතා ටීචර් හැඩකාර තරුණයෙක්‌ වුණ සේපාල සමග හිතවත්කමක්‌ ඇති කර ගත්තා. දවස්‌ ගත වෙද්දි හිතවත්කම මිතුරුකමක්‌ හා එයට එහා ගිය සම්බන්ධයක්‌ බවට පත් වුණා. ජංගම දුරකථනයෙන් අදහස්‌ වගේම ඡායාරූපත් හුවමාරු කර ගන්න තරම් දුර දිග ගියා.

ධර්මලතා ටීචර්ගේ පුංචි දියණිය තාරුකාත් දැන් ටික ටික ලොකු වුණා. සමහරු කීවේ දැන් අම්මයි දුවයි අක්‌කයි නංගියි වගේ කියලයි. තාරුකාත් අම්මාගේ ස්‌මාර්ට්‌ ෆෝන් එක පවා පරිහරණය කරන්න තරම් දක්‍ෂ වුණා.

 අම්මාගේ ජංගම දුරකථනය ඔස්‌සේ සේපාල, තාරුකාත් මිතුරු කර ගන්න එතරම් කාලයක්‌ ගත්තේ නැහැ. ටික දිනක්‌ ගත වෙද්දි අම්මාට හොරෙන් දුව සමග එහෙ මෙහෙ යන්න තරම් සේපාලයා අනංගයෙක්‌ වුණා.

 සේපාලගේ වෙනස්‌ වීම ටීචර්ට වාවන්න බැරිව ගියා. දුවගේ මිතුරුකම වැඩි වෙද්දී අම්මාගේ සතුරුකම බලවත් වුණා.

 දවසක්‌ ධර්මලතා ටීචර්ගේ ජංගම දුරකථනයට ඡායාරූප රාශියක්‌ වයිබර් කරලා තිබුණා. සේපාලයා එවලා තිබුණ ඒ ඡායාරූප ටික දැක්‌ක ගමන් ධර්මලතා ටිචර්ට හීන් දාඩිය දැම්මා. කකුල් දෙක වෙව්ලන්න වුණා. ජංගම දුරකථනයත් අරන් දුවගෙන ආවේ වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත හේරත් මහතා වෙතටයි.

 අනේ බලන්නකෝ සර් මේ නරුමයා මගේ පුංචි එකීට කරලා තියෙන අපරාධය, තාරුකාගේ නිරුවත් ඡායාරූප පිරුණ ජංගම දුරකථනය ධර්මලතා ටීචර් ස්‌ථානාධිපති හේරත් මහතා අතට දෙමින් කීවා.

 ජංගම දුරකථන තිරය දිගේ තමන්ගේ එකම දරුවාගේ නිරුවත් ඡායාරූප ගලාගෙන එද්දී ධර්මලතාට ක්‌ලාන්තය හැදුණා. බිම වැටෙන්න යන අම්මා වත්තන් කර ගත්ත තාරුකා කීවේ අනේ අම්මේ අම්මා මීට වැඩිය අපි ගැන හිතුවානම් හොඳයි කියලයි.