මොණරාගල සුනෙත් සර්ගෙන් පස්සේ තවත් 18 හැවිරිදි පාසල් දැරියක් කෙලෙසූ ගුරුවරයා

මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහඅටක දැරියක් නිවසක් වෙත කැදවාගෙන ගොස් ලිංගික අතවර කල පාසල් ගුරුවරයෙකු ගම්වාසීන් කල දැනුම් දීමකට අනුව මොනරාගල පොලිසිය විසින් ඊයේ (15)පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා සහ මෙම දැරිය අතර වසර හතරක සිට ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති අතර ඊයේ පස්වරුවේ ද ගුරුවරයා දැරිය රැගෙන මොණරාගල කොලොන්වින්න ප්‍රදේශයේ නිවසකට යන ආකරය ප්‍රදේශවාසීන් දැක පොලිසියට කල දැනුම් දීමකින් පසුවයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව පොලිසිය සිදු කල ප්‍රශ්න කිරීම් වලදී දැරිය පොලිසියට පවසා ඇත්තේ තමන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත් තමන්ගේ මව පියා මියගොස් ඇති නිසා මෙම ගුරුවයා සමග පැමිනි බවත්ය.

පසුව පොලිසිය විසින් ඇයගේ හැදුනුම්පත පරීක්ෂා කිරීමට ඉල්ලා ඇති අතර එහිදී දැරිය පොලිසියට ලබා දී ඇත්තේ ගුරුවරයාගේ බිරිදගේ හැදුනුම්පත බව පොලිසිය පවසනවා.

මෙම දැරියද මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයහේ මව පියා සිටින බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකාර ගුරුවරයා මොනරාගල ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු වන අතර ඔහුගේ බිරිදද ප්‍රදේශයේ උසස් පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මොනරාගල මහ රෝහලට ඇතුළුත් කර ඇති අතර සැකකාර ගුරුවරයා අද(16)මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.මොනරාගල පොලිසිය විමර්ශන සිදු කරයි.
gossip lanka