මාකඳුරේ මධූෂ්ගේ පියාට ගුවනින් මල් දමා අවසන් ගෞරව දක්වලා (PHOTOS)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ්ගේ පියා රිය අනතුරක් හේතුවෙන් පසුගියදා මියගොස් තිබුණා. මධූෂ්ගේ පියාගේ අවමඟුල් උත්සවය සඳහා මධූෂ් මෙරටට පැමිණෙන බවට ඇති වූ සැකයක් නිසා ආරක්ෂක අංශයන්ද ඒ පිළිබඳව දැඩි විමසිලිමත් භාවයකින් පසුවුණා.

මේ අතර දැනට ඩුබායිහි සැඟව සිටින බවට බැවසෙන මාකඳුරේ මධූෂ් සිය සිය පියා වෙනුවෙන්
ශොක පණිවිඩයක්ද එවා ඇති අතර පියාගේ අවමංගල්‍ය උත්සවය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නැරඹූ බවට ද ඇතමුන් ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් නිවසේ තිබූ CCTV හරහා ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමටද කටයුතු කරන බව පොලිසිය පවසනවා.

එසේම මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය පෙරහරට හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගුවනින් මල් දැමීමට ද කටයුතු කර තිබෙනවා. එම හෙලිකොප්ටරය මෙරට පුද්ගලික ආයතනයකට අයත් හෙලිකොප්ටරයක් වන අතර අදාළ සමාගම සඳහා මුදල් ගෙවා ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ දිනේෂ් නැමැත්තෙකු බවයි අදාළ සමාගමේ නිළධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.


gossip lanka