දිගින් දිගටම ඡන්ද කල් යද්දී කොමසාරිස් මස්සිනා සන්නස්ගල එක්ක කරපු වැඩේ! (PHOTOS)

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පිළිබදව පසුගිය දින කතාබහක් ඇති වූයේ දිනෙන් දිනම පළාත් සභා මැතිවරණ කල් යාමත් සමගය. කෙසේ වෙතත් මැතිවරණ කල් ගිය පසුබිමක මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිබදව නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ උපුල් ශාන්ත සන්නස්ගල විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කළ ඡායාරූපයක් හේතුවෙන්. මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත්
ප්‍රදර්ශනයේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ප්‍රකාශන ආයතනයට අයත් කුටියට මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගොස් තිබුනා.

එහිදි ලබා ගත් ඡායාරූපයක් උපුල් ශාන්ත සන්නස්ගල සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනේ "කොමසාරිස් මස්සිනා" ලෙස සඳහන් කරමින්.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, උපුල් ශාන්ත සන්නස්ගලගේ සමීපතම හිතවතෙක් වන අතර උපුල් ශාන්ත සන්නස්ගලගේ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ පොත් කිහිපයකම දොරට වැඩීමේ උත්සවයන්ටද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෞද්ගලිකවම සහභාගී වී තිබුනා. ආන්දෝලනයට ලක්වූ "බුදුන්ගේ රස්තියාදුව" කෘතියද ප්‍රකාශයට පත් කළේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ප්‍රකාශන ආයතනයෙන් වීම විශේෂත්වයක්.

එම ඡායාරූපය පහතින්,