හැඟීම්බර තීරණ එපා - මැතිව්ස් ඉවත් කිරීම වැරදීද..? නිහැඬියාවකින් පසු හිටපු නායක මහේල කට අරී

කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව හිටපු ශ්‍රීලංකා නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

සිය නිළ ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මහේල මේ බව පවසා තිබේ.

හැඟීම්බර තීරණ සෑම විටම නිවැරදි නොවන බවත්,  ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් යහපත් දේ කුමක්ද
යන්න සිතා බැලීම විනා හැඟීම්බර තීරණ නොගන්නා ලෙස මහේල ජයවර්ධන එහිදී සඳහන් කර තිබේ.

ඇනජලෝ මැතිව්ස් නාකත්වයෙන් ඉවත්වීමත්, ඔහුව එංගලන්ත තරඟාවලියට නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණයක් ගෙන ඇති මොහොතක මහේලගේ මෙම ප්‍රකාශය කාගෙත් අවධානයට ලක්ව තිබේ.