රනිල් 2030 වෙනකන් හිටියොත් UNPය ඉවරෙටම ඉවරයි - ජීන් ආන්ටි කියයි

මේ ජීන් ආන්ටිව ඔබට මතකද? ජීන් ආන්ටිව අපිට මුලින්ම හම්බ වුණේ පසුගිය දුම්රිය වැඩ වර්ජනයත් සමග. කොටුව දුම්රිය පොළේ සිට ඇය මාධ්‍යට ලබා දුන් ප්‍රකාශයත් සමග මුළු රටම ඇය ගැන කතා බහ කරන්න ගත්තා. මේ ජීන් ආන්ටි කිසිම බයක් නැතිව මාධ්‍ය ඉදිරියේදී පවා කෙලින් කතා කරන කෙනෙක්.  ඉතින් මේ ජීන් ආන්ටි තවත් ආන්දෝලනාත්මක
කතාවක් කියලා තියෙනවා. එය පහතින්.

2030 වෙනකන් ඉන්නෙ මොකටද. දැන් වයසයිනේ දීල යන්නකෝ. පුළුවන් නායකයොත් ඉන්නවනේ. හරිම කරදරයක් වෙලා තියෙන්නේ මහජනතාව තමයි මේවයින් තැලෙන්නේ. මෙයාට මේ ආත්මෙට ජනාධිපති පුටුවේ ඉදගන්නේ නෑ. ඉදගන්න එකාට ඉදගන්න දෙන්නෙත් නෑ. 100යකගෙන් අහන්න 100ම කියන්නේ රනිල් යන්න ඕන කියලා. මිනිස්සු ඡන්දෙ දුන්නේ හොරකම් කරපු එවුන්ට නීතියෙන් දඩුවම් කරන්න. දැන් ඒවා එකක්වත් නෑනේ. රනිල් ඕක ආත්මෙට කරන්නෙ නෑ. දැන් රනිල් අගමැතිවෙලා තියෙන්නේ ඡන්දෙ දිනලද? පිනා ඡාන්ස් එකක් අරගෙන. එයා 2030 වෙනකන් හිටියොත් යූඑන්පී කාරයෝ එකෙක්වත් නැතිව යනවා. මම නම් කියන්නේ රනිල් යන්නම ඕන. මට මූහුණට මුහුණ හම්බවුණොත් කියන්න තියෙන දේ සහ සුද්ධයෙන්ම කියනවා.


gossip lanka