gossip lanka

ලොකුම ආසාව වෙලා තිබුණේ දරු පැටියාව ස්වභාවික දරු උපතකින් මෙළොවට බිහි කරන්නයි

ඉෂාරා සඳමිණී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඒ විතරක් නෙවේ ඉෂාරා දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. ඔන්න ඉතින් ජීවිතේ හා හා පුරා කියලා මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ඉෂාරා මව් පදවියට හිමිකම් පෑවා. ඉෂාරාගේත් අනුරගේත් ජීවිතවලට සතුට රුගෙන ආවේ පුංචි දෝණි
කෙනෙක්. අනුර කියන්නෙත් කලා පවුලේ ඉන්නා දක්ෂ රංගන ශිල්පියෙක්.

ඉෂාරාගේත් අනුරගේත් ජීවිතවලට සතුට රැගෙන ආපු මව්පිය පදවි මිට මොළවාගෙන ඉෂාරාට තිළිණ කරපු ඒ පුංචි දෝණිගේ නම ඉසස්‍යා සිදුප්‍රී සඳුමිණි. දෝණිගේ ලස්සන නමට අම්මාගේ නමේ කොටසකුත් එකතු කරගෙන වගෙයි. අම්මා වගේම තාත්තා වගේම පුංචි දෝණිත් හරිම ලස්සනයි. පුංචි දෝණි අම්මාගේ කුසෙන් ආවෙනම් අප්‍රේල් මාසෙ අටවැනිදා. හරියට අවුරුදු කුමාරියක් වගෙයි.

දෙන්නා අතරට එකතු වෙන කුළුදුලේ දරුවා නිසාම දෙන්නාම ආසාවෙන් ඉඳලා තියෙන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නැහැ කියලයි. හැබැයි ඉතින් දෙන්නටම හිත යටින් පුංචි ආසාවල්නම් තිබිලා තියෙනවා. තාත්තා ආසාවෙන් ඉඳලා තියෙන්නේ දුවෙක්ට. අම්මලා වැඩිපුරම පුතාලට කැමති නිසාම ඉෂාරා පුතෙක්ට ආස කළා. ඔන්න ඉතින් අන්තිමේදී බක් මහේදී මේ දෙන්නට පුංචි දෝණියෙක් ඉපදුණා. තාත්තාගේ ආසාව ඉෂ්ඨ වුණා.

දරු පැටියෙක් ඉපදෙද්දී අම්මට හරි අපූරු ආසාවල් ඇතිවෙනවනේ. ඔන්න ඉතින් ඒ වගේ ආසාවකුත් ඉෂාරාට ඇතිවෙලා. ඒ තමයි කෙසෙල් කොලේ ඔතපු සිංහල ක්‍රමයට හදපු බත් එකක් කන්නයි. හැබැයි ඒකත් ගෙදර හදලා කන්නනම් බැහැ. කවුරුහරි උයලා ගෙනත් දුන්නම ඔන්න ඉෂාරා හරි ආසාවෙන් ඒ බත්මුල කෑවාලු. ඒ හැර විශේෂ දොලදුක් ආසාවල් ඉෂාරාගේ කුළුඳුල් දරු පැටියා ඉපදෙද්දීනම් තිබිලා නැහැ.

ඉෂාරාගේ ලොකුම ආසාව වෙලා තිබුණේ දරු පැටියාව ස්වභාවික දරු උපතකින් මෙළොවට බිහි කරන්නයි. ස්වභාවික දරු උපතකදී අම්මා කෙනකු විඳින සුන්දර වේදනාව අත් විඳින්න ඇයට අවශ්‍ය වුණා. ඒ වුණත් ඉෂාරාගේ හිතවතියන් බොහෝ දෙනකු කියලා තිබුණේ සිසේරියන් සැත්කමකින් දරුවා ඉපදෙන එක හොඳයි කියලයි. මවට ඒ තරම් වේදනාව දැනෙන එකක් නැහැ කියලයි ඒ අය කිව්වේ. ඒත්.. මව් පදවියකදී අම්මා කෙනකු විඳින ඒ සුන්දරත්වය මුහු වෙච්ච අපූරු වේදනාව ජීවිතේ අත්විඳින්නත් ඉෂාරා පෙරුම් පිරුවා.

මව් පදවිය සඳහා වෛද්‍යවරු ලබාදුන් දිනය පසුවුණා. තවත් දින හතක්ම ස්වාභාවික දරු උපතක් වෙනුවෙන් ඉෂාරා බලා සිටියා. දිනයක් පුරා ස්වභාවික දරු උපතක් වෙනුවෙන් ඉෂාරා දුකක් වින්දා. නමුත් අවසානයේදී වෛද්‍යවරු ඉෂාරාව සිසේරියන් සැත්කමකට යොමු කරන්නනට තීරණය කර තිබුණා.

හිතුවාටත් වඩා සිසේරියන් සැත්කම ද වේදනාවක් වුණා. රූ එකොළහයි ගණනකදී පුංචි ඉසස්‍යා මෙ‍ලොවට බිහි වුණා. ඉෂාරා ආදරණීය මව් පදවිය ලැබුවා. දරුවා බිහිවී ඉෂාරා අතට වෛද්‍යවරු ලබා දෙද්දී ගතේ තිබූ සියලුම වේදනාවන් ඉෂාරාගෙන් ගිලිහී ගියා. ඒ ඇස්වල කඳුළු පිරුණා. ඒ අපූරු අත්දැකීම බක් මහේදී ඉෂාරා අපූරුවට අත්වින්දා. දරාගන්නට බැරි වූ සතුටක් ඒ ගෑනු හිතේ පෙළගැසුණා.

පුංචි දරු පැටියා මෙ‍ලොව එළිය දකිද්දී අලුත් තාත්තා ද ළඟ හිටියා. සියැසින්ම තම දරු පැටියා මෙළොව එළිය දකිද්දී ඔහු බලාගෙන හිටියා. කුළුදුලේ ඉපදුණු පුංචි පැටියාගේ අලුත් සුන්දර වැඩ කටයුතු කරන්නට අදටත් දරු පැටියාගේ ආච්චිලාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හිතුවාටත් වඩා මෙය බාරදූර වැඩකටයුත්තක් බවයි අද ඉෂාරාට දැනෙන්නේ. මුල් දිනවලදී අම්මලා නාවද්දී බලාගෙන හිටියත් අද පුංචි දෝණිව තනියම නාවන්නත් ඉෂාරාට පුළුවන්.

දරු පැටියාගේ තාත්තාටත් දැන්නම් වැඩ වැඩියි. මේ අලුත් අත්දැකීමට අනුර හරි කැමතියි. දරු පැටියාගේ ආගමනයත් එක්කම අද ඒ කැදැල්ල සතුටින් පිරිලා. ඉෂාරා කියන විදිහට අද මේ ජීවිත සම්පූර්ණයි.


gossip lanka